පී.සී.ආර්. පරීක්ෂණ මගින් තහවුරු වන ගම්පහ ඇතැම් රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට ඔවුන්ගේ නිවෙස්වෙතම ගිලන් රථ යොමුකරත් ඒවායෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යෑම රෝගීන් ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසයි.
එසේ එවනු ලබන ගිලන් රථ මගින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යෑමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරිය ඉල්ලා සිටියි.
ප්‍රතිකාර සේවා සඳහා යොමු නොවීම නිරෝධායනය පනත අනුව වරදක් බවත් එසේ සිදුකරන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පවසයි.