ගමන් බලපත් ගාස්තු ඉහළට
2019 අයවැය යෝජනා අනුව ජුනි මස 01 දා සිට ගමන් බලපත්‍ර ගාස්තු සංශෝධනය කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව එක්දින සේවාව යටතේ ලබාගන්නා ගමන් බලපත් ගාස්තුව රුපියල් 15000 දක්වාත් සාමාන්‍ය සේවාව යටතේ ලබාගන්නා ගමන් බලපත් ගාස්තුව රුපියල් 3500 දක්වාත් ඉහළ යෑමට නියමිතය.
නව ගාස්තු සංශෝධනය
සාමාන්‍ය සේවාව රුපියල් 3000 සිට රුපියල් 3500 දක්වා
වයස අවුරුදු 16ට අඩු දරුවන්න්ට වසර තුනක් වලංගු බලපත්‍ර සඳහා (සාමාන්‍ය සේවාව) රුපියල් 2000 සිට රුපියල් 2500 දක්වා
එක්දින සේවාව රුපියල් 10000 සිට රුපියල් 15000 දක්වා
වයස අවුරුදු 16ට අඩු දරුවන්ට වසර තුනක් වලංගු බලපත්‍රයක් නිකුත් කිරීමට (එක්දින සේවා) රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වා
වෙනස්කම් සිදුකිරීමට එක් වෙනස්කමක් සඳහා රුපියල් 500 සිට රුපියල් 1000 දක්වා

popular news
-
ඉලේපෙරුම Friday, 31 May 2019 01:57 PM
ගුවන් ගමන් බලපත් නොවෙයි ගමන් බලපත්
Reply : 0 8
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

