එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දිවංගත රූත් බේඩර් ගින්ස්බර්ග් වෙත අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත නිතර අසන්නට නොලැබෙන හූ සංග්‍රහයක් එම ස්ථානයේ සිටි ජනතාවගෙන් ලැබී තිබේ.
ඇමෙරිකානු ධජයෙන් වසා ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය ඉදිරියේ තැන්පත් කර තිබූ ගින්ස්බර්ග්ගේ දේහය අසල ට්‍රම්ප් රැඳී සිටින විට තවත් පිරිසක් "ඔහුට ඡන්දය දෙන්න" යනුවෙන් කෑ ගසනු ඇසිණි.
සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ ස්ථානවල පවා මුඛ ආවරණ නොමැතිව ගැවසෙන ට්‍රම්ප් මෙම අවස්ථාවේදී මුඛ ආවරණයකින් මුහුණ සඟවාගෙන සිටීමද බොහෝ දෙනෙකු විමතියට පත්කළ අතර, එම අවස්ථාවට ජනපති ආර්යා මෙලානියා ට්‍රම්ප්ද සහභාගි විය.
එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දිවංගත රූත් බේඩර් ගින්ස්බර්ග් පසුගිය සතියේ ඇය කාලයක සිට පීඩාවට පත්කළ පිළිකා රෝගය උත්සන්න වීමෙන් ජීවිතක්ෂයට පත්වූවාය.
ට්‍රම්ප් එම ස්ථානයේ රැඳී සිටින විට ජනතා හූ හඬ වැඩිවීම නිසා ඔහු මොහොතක් ගින්ස්බර්ග් දේහය වෙත ගෞරව කිරීමෙන් පසු, ආර්යාවද කැටුව සිය ලිමොසින් රථයේ නැගී ධවල මන්දිරය වෙත ආපසු ගියේය.