ගෝඨාගෝගම අරගලය අඛණ්ඩව හත්වැනි දිනටත්
- 15 04 2022
- 07:50
- {{hitsCtrl.values.hits}} views
- ..
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලය අසල අඛණ්ඩව පැවැත්වෙන විරෝධතාව අද (15) දිනයේත් පැවැත්වෙයි.
මෙම විරෝධතාව සඳහා දිවයිනේ විවිධ ප්රදේශ රැසකින් විශාල ජනතාවක් පැමිණෙනු දක්නට ලැබෙන අතර විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල කුඩාරම් සවිකර ගනිමින් අඛණ්ඩව මෙම විරෝධතාවෙහි නිරත වෙනු දක්නට ලැබෙයි.
එමෙන්ම ඊයේ (14) උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද විරෝධතාකරුවන් අරගල භූමියේ සිටම සැමරෑ අතර ඒ සඳහාද විශාල පිරිසක් සහභාගී වූ බව දක්නට ලැබුණු අතරම ඊයේ රාත්රියේ විවිධ ප්රදේශ රැසකින් විශාල ජනතාවක් අරගලය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය අසලට එක්රැස්වී සිටි බව දක්නට ලැබුණි.
අද විරෝධතාවෙහි හත්වෙනි දිනය වන අතර අද දිනයේද මේ මොහොත වන විටත් විශාල පිරිසක් විරෝධතා භූමියෙහි රැඳි සිටිනු දක්නට ලැබෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
