පෘථිවි කක්ක්ෂයේ දීර්ඝ කාලයක් රැඳී සිටීම සඳහා තවමත් ඉදිවෙමින් පවතින චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයක කොටසක් වෙත චීන ජාතික ගගනගාමීන් තිදෙනෙකු රැගත් ඓතිහාසික චීන අභ්‍යවකාශ යානය දියත් වෙයි.
ටියැන්හේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන මොඩියුලය වෙත බැඳී ඇති ෂෙන්ෂෝ-12 හෙවත්, "දිව්‍ය යාත්‍රාව" ප්‍රවාහනය කළ ලෝන්ග් මාර්ච- 2 එෆ් රොකට්ටුව බීජිං වේලාවෙන් අද පෙ.ව.9.22ට ගමන් ආරම්භ කළේ, වයඹදිග ගන්සු පළාතේ ජියුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිටය.
චීනයේ පළමු පූර්ණ අභ්‍යවකාශ මධ්‍යස්ථානය සම්පූර්ණ කිරීම සඳහා ෂෙන්ෂෝ-12 මෙහෙයුම් 11න් දැනට දියත් කර ඇති මෙහෙයුම් තුනෙන් එකක් ලෙස මෙය සැලකෙයි. එම මෙහෙයුම්වලින් හතරක් කාර්ය මණ්ඩලය රැගෙන යන මෙහෙයුම්ය. චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මොඩියුල තුනෙන් පළමු හා විශාලතම මොඩියුලය වන ටියැන්හේ දියත් කිරීමත් සමග පසුගිය අප්‍රේල් මාසයේදී එහි ඉදිකිරීම් ආරම්භ විය.
ගගනගාමීන් වන 56 හැවිරිදි නී හයිෂෙන්ග්, 54 හැවිරිදි ලියු බෝමිං සහ 45 හැවිරිදි ටැන්ග් හොංබෝ, අනාගත චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන් ජීවත් වන නිල නිවාසය වන ටියැන්හේ හි මාස තුනක් සේවය කරමින් රැඳී සිටීමට නියමිතය.
සාමාන්‍ය බස් රථයකට වඩා තරමක් විශාල සිලින්ඩරයක් වැනි ටියැන්හේ හි ඔවුන් රැඳී සිටින කාලය තුළ, මෙම චීන ගගනගාමීණ් තිදෙනා මොඩියුලයේ තාක්ෂණයන් එහි ජීවිත ආධාරක පද්ධතිය ඇතුළුව සියලු තාක්ෂණික පරීක්ෂාවන් සිදුකරනු ඇත.
එසේම දීර්ඝ කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටීමට ශාරීරිකව හා මානසිකව සූදානම් වීමත්, අභ්‍යවකාශයේ ගමන් කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් අධීක්ෂණය කරනු ඇත. එසේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට එළැඹෙන මෙහෙයුමක් මාස හයක් පවතිනු ඇත.
දැනට පෘථිවි කක්ක්ෂයේ ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට කිසිදු අවස්ථාවක චීනයේ ගගනගාමීන්ට අවස්ථාවක් ලබාදීමට ඇමෙරිකාව කටයුතු නොකළේය. ඔවුන් එය සිය ව්‍යවස්ථාවෙන්ම වළක්වාලූ අතර, දැන් මෙම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අනාගතයද අවිනිශ්චිත තත්ත්වයක පවතී. මන්දයත් වර්ෂ 2024න් පසුව එයට අරමුදල් සැපයීම සම්බන්ධ ගැටලුවයි. යම් ලෙසකින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බිඳ වැටුණොත්, ලොව අභ්‍යවකාශ මධ්‍යස්ථානයක එකම ක්‍රියාකරු චීනය බවට පත්වනු ඇත.