කෝලි මගේ වාර්තාව පසුකර යාවි - සංගා
එක් කැලැන්ඩර් වර්ෂයක් තුළ ජාත්‍යන්තර පිටියේ වැඩිම ලකුණු ලාභියාට හිමි වාර්තාවට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවෙ කුමාර් සංගක්කරයි.
2014 වසරේදී ඔහු ලකුණු 2868ක් රැස්කරමින් මෙම වාර්තාව පිහිටුවීය. මෙම වාර්තාව බිඳ දැමීමේ ආසන්නයටම ඉන්දියානු නායක විරාත් කෝලි පැමිණියත් ඔහුට එය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වී තිබේ.
කෝලි මේ වසරේදී ජාත්‍යන්තර පිටියේදී ලකුණු 2735ක් ලෙස නිම කරනු ඇත. ඔහු 2017 වසරේදී ලකුණු 2818ක් රැස්කර තිබේ.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වන කුමාර් සංගක්කාර පවසන්නේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි පිතිකරණයේ යෙදෙන ආකාරය අනුව තම වාර්තාව එතරම් කල් නොපවතින බවයි.
එසේම ලබන වසරේදී ඔහු එම වාර්තාව අභිභවා යනු ඇතත් ඉන් පසුව එළැඹෙන වසරේද ඔහු එම වාර්තාව අභිභවා යනු ඇති බවත් සංගා පවසයි.


සැලකිය යුතුයි - ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර හෙට (30දා) අවසන් වීමට නියමිත ටෙස්ට් තරගයේ ඉන්දීය ඉනිම දෙක තුළදී විරාත් කෝලි ලකුණු 82ක් රැස්කළේය. එම තරගයේ ලකුණු 2018 ඔහුගේ ලකුණු අතරට ඇතුළත් නොවේ ඒ අනුව ඔහුගේ සමස්ත ලකුණු (තරග 37, ඉනිම 45, ලකුණු 2735) ලෙස යාවත්කාලීනය විය යුතුය. තරගය අවසන් වූ විට ඉහත වාර්තා සටහන අලුත් වෙනු ඇත.
popular news
-
weliweriye dil Saturday, 29 December 2018 09:18 AM
නිහතමානි සංගා . 2020 ඔබ වගේ නිහතමානි කෙනෙක් ජනාදිපති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා . නැතහොත් ඔබම 2020 ජනාදිපති අපේක්ෂකයා උනෝත් එයම අපිට මහා සතුටක් වේවි . අපි ඔබ සමගයි .
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

