කෝටි එක හමාරක මත් පෙති සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
බිමල් ෂ්‍යාමන් ජයසිංහ
කොළඹ ප්‍රදේශයේ රාත්‍රි සමාජ ශාලා වලට සහභාගී වන්නන් සදහා පීල් නැමැති මත්පෙති මහා පරිමාණයෙන් අලෙවි කිරීමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනෙක් කෝටි එකහමාරක මත්පෙති සමග අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම දූෂණ මර්ධන ඒකකය කියයි .
මත්පෙති 5600 ක් ,හොරෙයින් මත්කුඩු මිලිග්‍රෑම් 2400 ක් පොලිස් භාරයට ගෙන ඇත .
ගාලු මුවදොර ක්‍රීඩාංගණය ඉදිරිපිට මාර්ගයේ දී පීල් නැමැති මත්පෙති 100 ක් සමග අත්අඩංගුවට ගත් 20 හැවිරිදි තරුණයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරමේ මහා මොලකරු කොළඹ තරු පහේ හෝටලයක කාමරයක නැවතී සිටිය දී අත්අඩංගුවට ගෙන පරීක්ශා කිරීමේ දී ඔහු සන්තකයේ තිබූ තවත් මත්පෙති 5500 ක් සහ මත්කුඩු මිලිග්‍රෑම් 2400 ක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරීයෙක් පැවසීය .
රුපියල් 2500 සිට 5000 දක්වා මෙම මත්පෙත්තක් අලෙවි කරන බවත් විවිධ පුද්ගලයන්ගේ ඉල්ලීම මත හෝටලයේ රැදී සිටින ජාවාරම් කරු 20 හැවිරිදි තරුණයා මාර්ගයෙන් එම මත්පෙති ඔවුන් අතට පත් කර ඇති බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරීයෙක් වැඩිදුරටත් පැවසීය .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                