දක්ෂිණ අධිවේගී ගමන් කළ සැකසහිත සුදු පැහැති ජිප් රථයක් පරීක්ෂා කිරීමේදි පොහොර උර 2ක බහා තිබු හෙරොයින් කිලෝග්රෑම් 50ක පමණ ප්රමාණයක් ප්රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
දක්ෂිණ අධිවේගි මාර්ගයේ කඩුවෙල සිට අතුරුගිරිය දක්වා පැමිණ අතුරුගිරිය පිටවිමේ ස්ථානයෙන් පිටවන අවස්ථාවේදි මෙම ජිප්රිය පරීක්ෂා කර තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙරැල්ල පදිංචි පැල්ලවත්ත ගමගේ චමින්ද දිල්රුක් (38) හා මංගල සිසිර කුමාරසිරි (38) නුගේගොඩ පදිංචි යන අයයි.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කෙරේ. මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 50කට අධික වෙයි.
