කෑගල්ල පොලිස් වසමේ වෑවලදෙණිය රජමහා විහාරස්ථානයේ පවත්වන වාර්ෂික පෙරහැර හේතුවෙන් කොළඹ, මහනුවර ප්රධාන මාර්ගයේ රංවල හන්දිය සිට මිපිටිය හන්දිය දක්වා ගමනාගමන කටයුතු සීමා කර ඇත.
ඒ අනුව 27 එනම් සෙනසුරාදා දින රාත්රී 7 සිට පෙරහැර අවසන් වන දින තෙක් ඉහත මාර්ගයේ ගමන් කරන ජනතාව ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඒ අනුව කොළඹ සිට පැමිණෙන වාහන රංවල විකල්ප මාර්ගය ඔස්සේ මිපිටිය මාර්ගය දක්වා ගමන් කර ප්රධාන මාර්ගයට පිවිස ගමන් කළ හැකිය.
එසේම මහනුවර සිට කොළඹ දක්වා ගමන් ගන්නා වාහන මිපිටිය විකල්ප මාර්ගය දක්වා ප්රධාන මාර්ගයට පිවිසිය හැකිය.
