කොස්තාපල්වරිය පහුරු ගෑ නීතිඥවරිය අත්අඩංගුවට
කොළඹ මහාධිකරණ සංකීර්ණ භූමියේ ප්‍රධාන දොරටුවේ රාජකාරි කරමින් සිට පොලිස් කොස්තාපල්වරියකගේ ඇඟ පහුරු ගා තුවාල කරමින් රාජකාරියට බාධා කළ නීතිඥවරියක් කෙසෙල්වත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
තුවාල ලත් කොස්තාපල්වරිය රෝහල් ගත වීම සඳහා අධිකරණ පෝරමයක් නිකුත් කළ බව පොලීසිය පවසයි.
කොස්තාපල්වරිය සෙසු නිලධාරීන් සමග මහාධිකරණ සංකීර්ණයේ ප්‍රධාන දොරටුවේ රාජකාරී කරමින් සිටියදී අධිකරණ සංකීර්ණයට ඇතුළු වීමට පැමිණි නීතිඥවරයි පරීක්ෂාවට ලක්කිරීමට සූදානම් වීමේදී සැකකාර නීතිඥවරිය ඊට ඉඩ නොදෙමින් ඇය ඇඟ පහුරු ගා එම ස්ථානයෙන් පිටව ගිය බවට කොස්තාපල්වරිය පොලීසියට පැමිණිල්ලක් කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එම පැමිණිල්ල අනුව නීතිඥවරිය පොලීසිය වෙත කැඳවා ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව ඇය අත්අඩගුවට ගෙන තිබේ. බත්තරමුල්ලේ පදිංචි 51 හැවැරිදි නීතිඥවරියක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
බිමල් ශ්‍යාමන්

popular news
-
Champa Thursday, 30 May 2019 10:41 AM
මේක බරපතල වරදක්. නීතිඥවරියක් නිසා සාමාන්‍ය කෙනෙක් කරනවට වඩා දෙගුණයක වරදක්. ඊළඟට පොලිස් කාන්තාවට ගරහපු එක ඊට වඩා පහත් වැඩක්. පොලීසය මේ ගැන action එකක් ගත්ත එක හුඟක් හොඳයි. හැබැයි මේ නීතිඥවරිය ඇප පිට නිදහස් කරලා. අර පොලිස් කාන්තාවට වන්දියක්වත් නැහැ. මේ වගේ නඩුවක් එක පාරෙන් අහන්න පුළුවන්. ඇප දී දී කල් දාන්න ඕනේ නඩුවක් නෙමෙයි. රබර් වගේ නඩු අදින එක දැන් මෝස්තරයක් වෙලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

