කොරෝනා යැයි තහවුරු වන රෝගීන්ගේ විශාල අඩුවක්
නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වන රෝගීන් විශාල අඩුවක් හුබෙයි පළාතෙන් හැරෙන්නට චීනයේ අනෙකුත් පළාත්වලින් වාර්තා වන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ලිජියෑන් ශාඕ සඳහන් කරයි.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු ප්‍රකාශ කරන්නේ හුබෙයි පළාතෙන් පිටතදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ රෝගීන් 444ක් පෙබරවාරි 9 දා වාර්තා වූ බවයි.
පෙබරවාරි 3දා එම අගය 890ක් වූ බවද ඔහු පවසයි. ඒ අනුව සියයට 50කට වැඩි අගයකින් තහවුරු වන රෝගීන්ගේ සංඛ්‍යාව අඩුව ඇති බවත් එයින් පෙන්වන්නේ පාලනය කිරීමේ හා වැළැක්වීමේ ක්රමයන් සාර්ථක වෙමින් පවතින බවද ඔහු පැවැසීය.
Retweet this good news! The number of confirmed cases reported daily in provinces other than Hubei dropped from 890 on February 3 to 444 on February 9, a drop of more than 50%, indicating that prevention and control measures are working. I hope the turning point will come soon!
— Lijian Zhao 赵立坚 (@zlj517) February 10, 2020
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

