කොමිෂම තියෙන්නේ මැතිවරණ පවත්වන්න තමයි
මැතිවරණ කොමිෂම පවතින්නේ මැතිවරණ පැවැත්වීමට මිසක් වෙන දේකට නොවන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.“මැතිවරණය ප්‍රමාද කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියා කළා කියන චෝදනා කරන ඕනෑම කෙනෙකුට අපි සූදානම් 50ක් ඇවිල්ලා කථා කළත් මිනිත්තුව ගානේ දීලා පිළිතුර කියන්න.
මැතිවරණ කොමිෂම තියෙන්නේ මැතිවරණ තියන්න මිසක් වෙනත් දේකට නෙමෙයි. ලබන සඳුදා සිට තමයි සාමාන්‍ය ගමනාගමනය පැවැත්වෙන්නේ.
මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය නෑ මැතිවරණ කල් දැමීමට ඒ වගේම මැතිවරණය පැවැත්වූවා කියා රෝගය සමාජගත වීමටත් මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය නෑ.”
popular news
-
manel Thursday, 04 June 2020 04:18 AM
ඔයාල කොරෝන ගැන වද වෙන්න එපා! බල්ලාගේ වැඩේ කරන බූරුවා නොවී ඔයාලගේ වැඩේ ඔයාල කරන්න. කොරෝන ගැන අනිත් අය බල ගනියි. ඒ උපදෙස් ඔයාල පිලි පදින්න..
Reply : 103 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

