කොට්ටාව හයිලෙවල් මාර්ගයේ මාල්වරාව ප්ර දේශයේදි කොට්ටාව දෙසට ධාවනය වූ ජිප් රථයක් ප්රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ලංගම බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ජීප් රථයේ ගමන් ගත් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව ජීප් රථයේ රියදුරු හා තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ. මරණකරුවන් අවුරුදු 33 හා 36 යන වයස්හි පසුවන පනාලුව, මීගොඩ ප්රදේශයේ පදිංචිකරුවෝ වෙති.
