කොච්චිකඩේ දෙව් මැදුර පැවති තත්ත්වයට වඩා උසස් ලෙස නිම කරනවා - සජිත්
පාස්කු ඉරුදින ත්‍රස්තප්‍රහාරයෙන් විනාශයට පත්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය පැවති තත්ත්වයට වඩා උසස් අයුරින් අංග සම්පූර්ණ වහා කඩිනමින් ප්‍රතිසංස්කරණය කර කිතුණු බැතිමතුන්ට පූජා කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ විනාශයට පත් වූ කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය සොයා බැලීමෙන් අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවකට අද (02) දින එක්වෙමිණි.
මෙම දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු උසස් ප්‍රමිතියෙන් යුක්තව අංග සම්පූර්ණව සිදු කිරීමට අමතරව මෙහි නව සංවර්ධන වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති බවත්, ඒ අනුව අලුතින් කෞතුකාගාරයක්, දිවා ආහාර දානමය මධ්‍යස්ථානයක් හා ආහාර පිසීම සඳහා ගොඩනැගිල්ලක් ඉදි කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
විපතට පත්වූ ජනතාවට අවශ්‍ය සහන සහ ශක්තිය ලබා දීමට සමාජ සජීවිකරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත්, මාතෘ භූමියේ ආරක්ෂාව මෙන්ම ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමටත් රජයක් ලෙස අප කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පෙන්වා දුණි.
ශ්‍රි ලංකා නාවික හමුදාවේ සහාය සහ ශ්‍රි ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහයෝගය ඇතිව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන මත මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලබයි.
මෙම අවස්ථාවට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පාලක ජූඩ් රාජ් ප්‍රනාන්දු පියතුමන්, මැක්ස්වෙල් සිල්වා සහයක රදගුරුතුමන්, ජේ. ඩී. ඇන්තනී සහයක රදගුරුතුමන්, ශ්‍රි ලංකා නාවික හමුදාවේ රියර් අද්මිරාල්ඒ.එස්.කේ.සේනාධීර මහතා, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත මහතා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

popular news
-
Anthony Friday, 03 May 2019 03:06 AM
මිය ගිය අයට මෙයින් ඇති ඵලය කුමක්ද ?
Reply : 0 1
rocky Friday, 03 May 2019 07:18 AM
දෙවියන් වහන්සේටත් ප්‍රොමෝෂන් එකක් දෙනවද? අනේ, යන්ඩ මහත්තයෝ, තමන්ගේ වැඩක් බලාගන. ඔය නායක හාමුදුරුවන්ට අටපිරිකර පගා ගහලා මෝඩ බවුද්ධයන්ව රවටා ගන්න විදිහට කතෝලිකයන්ව රවටා ගන්න අමාරුයි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

