තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 15කින් අඩු කිරීමත් සමග අද දින සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රු 10/= කින් අඩු කර රු 170/= මිලකට අලෙවි කරන බවත්, එයට සමගාමිව බේකරි නිෂ්පාදන කෙටි ආහාර මිල රු 10/= කින් අඩු කළද බේකරි නිෂ්පාදන මිල දි ගැනිම සදහා පාරිභෝගිකයන්ගෙන් විශාල ඉල්ලුමක් නොමැති බව හැටන් ප්‍රදේශයේ බේකරි හිමියන් පැවසිය.
තිරිගු පිටි කිලෝවක මිල රු 15/= කින් අඩු කළද පාන් සහ කෙටි ආහාර නිෂ්පාදනය සදහා යොදාගන්නා අමුද්‍රව්‍ය රැසකම මිල තවදුරටත් ඉහලගොස් ඇති බවත්, බිත්තර මිලද පාලන මිලට වඩා වැඩි මිලකට හැටන් ප්‍රදේශයේ අලෙවි කිරිම නිසා තමන්ට පාන් ගෙඩියක් නිෂ්පාදනය කිරිමට විශාල පිරිවැයක් දැරිමට සිදු වි ඇති බව බේකරි හිමියන් පැවසිය.
වැඩි වු විදුලි බිල , ගැස් මිල ඉහල යාම තම ව්‍යාපාර කටයුතු සිදුකරගෙන යාමට බාධාවක් බවත්, තිරිගු පිටි මිල අඩුවිම හමුවේ කෙක් කිලෝවක මිල රු 100/= කින් අඩු කිරිමට පියවර ගත් බවත් හැටන් ප්‍රදේශයේ බේකරි හිමියන් කියා සිටියේ.
මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල අඩු වි ඇති බවත්, එම මිල අඩුවිම අනුව පාරිභෝගිකයන්ට සිනි , පරිප්පු , බී ළුණු , අල වැනි ආහාර ද්‍රව්‍ය මිල අඩුවෙන් අලෙවි කරන බව හැටන් ප්‍රදේශයේ තොග සහ සිල්ලර වෙලෙදුන් පැවසිය.
පළාත් පාලන මැතිවරණය සහ එලඹෙන උත්සව සමය පමණක් ඉලක්ක කරගෙන ආහාර ද්‍රව්‍ය මිල අඩු කිරිම සිදු නොකල යුතු බවත්, දිර්ඝ කාලින සැලසුමක් මත දැනට අඩු කර ඇති ආහාර ද්‍රව්‍ය මිල සහ අඩු නොකල අනෙකුත් ආහාර ද්‍රව්‍ය මිල අඩු කිරිමට රජය පියවර ගත යුතු බවයි හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් කියා සිටියේ.