කුවේටයේ රැකියාවට ගිය 71 ආපසු එති
කුවේටයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික සේවකයින් 41 දෙනෙකු අද (10දා) යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාව වෙත එවා තිබේ.
මෙම පිරිස අතරින් දින 10 ක් පමණක් කුවේටයේ රැඳී සිටි තරුණයින් 29 දෙනෙකු අද අලුයම 2.10 ට කුවේට් සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
මොවුන් ඉකුත් 5/31 දින ශ්‍රී ලංකාවෙන් කුවේට් වෙත ගොස් ඇත්තේ එරට ආහාර නිෂ්පාදනය කරන ආයතනයක නිෂ්පාදන යතුරු පැදි මගින් බෙදාහරින යතුරු පැදි ධාවකයන් ලෙස සේවය කිරීමටය.
ඔවුන් නවාතැන් ගෙන සිටි පරණ නවාතැන වෙත පැමිණි එරට රැකියා නියෝජිත පිරිසක් , ඔවුන්ට අලුත් නවාතැනක් සූදානම් කර ඇති බැවින්, එතැන වෙත රැගෙන යන බව පවසා මෙම පිරිස බස් රථයක නංවා ගෙන කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන විත් , බස් රථයෙන් බස්සවා පළා ගොස් තිබේ.
මෙම කණ්ඩායමටම අයත් තවත් තරුණයන් 30 දෙනෙකු ද ඉකුත් 6/04 දින කුවේටයේ පෙර සඳහන් ආහාර නිෂ්පාදන ආයතනයේ යතුරු පැදි ධාවකයන් ලෙස කටයුතු කිරීමට එරටට යවා තිබූ අතර , ඔවුන් එක් දිනක් පමණක් කුවේටයේ ගත කර , 6/05 දින කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට එවා තිබුණි.
මෙම තරුණයන් සියලු දෙනා කොළඹ , බම්බලපිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන විදේශ රැකියා ඒජන්සියක් මගින් කුවේට් වෙත යවා තිබේ.
මෙම තරුණයින් 59 දෙනා බදුල්ල , මන්නාරම , මහනුවර , යාපනය, කොළඹ ආදී ප්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති.
මීට අමතරව අද උදෑසන 6.20 ට කුවේටයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් , කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ තාඩන , පීඩන , අතවර , හිරිහැර වලට ලක් වී , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රඳවා සිටි ගෘහ සේවිකාවන් 12 දෙනෙකු ද ආපසු කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට එවා තිබුණි.
මෙම පිරිස අතර සිටි රෝගී තත්වයෙන් පසු වූ නිසා , වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.
මේ දින වල කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානා වල ආසන යම් තරමකට ඉතිරි වී පවතින නිසා , කුවේට් , ඩුබායි , කටාර් , ඕමාන් , සෞදි අරාබිය ආදී මැද පෙරදිග රටවල ගෘහ සේවය සඳහා ගොස් , එම රටවල දී හිරිහැර , කරදර වලට ලක් වී , එම රටවල තානාපති කාර්යාල වල රඳවා තබා සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවකයින් ආපසු එවීම සිදු කරන බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි .
ටී.කේ.ජී. කපිල

popular news
-
Champa Monday, 10 June 2019 05:06 PM
මේ කියන ඒජන්සිය තහනම් කරලා වහාම මේ මිනිස්සුන්ට වන්දි ගෙවන්න කිව යුතුයි. මේකටම දාල ඉන්නවා නේද ඇමතිවරයෙක්? කෝ මිනිහ? මහජනයාගේ මුදලින් ගන්න වැටුපටත් ණයයි මේ ඇමතිවරු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

