කුඩා දරුවෙකු දුම්වැටියකින් පිළිස්සූ අයෙකු සොයා පොලිස් පරීක්ෂණ

සියඹලාණ්ඩුව, මුතුකණ්ඩ් පහේකණුව ප්රදේශයේ වයස අවුරුදු 01 මාස 10ක් පමණ වන පිරිමි දරුවෙකු මාස දෙකකට අධික කාලයක සිට දුම්වැටියකින් පුළුස්සා ඇතැයි පැවසෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි සියඹලාණ්ඩුව පොලීසිය පවසයි.
අදාළ දරුවාගේ මවගේ අනියම් සැමියා බව පැවසෙන පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කෙරේ.
අදාළ දරුවාගේ මව රත්නපුර ප්රදේශයෙන් විවාහ වී ඇති අතර, ඔවුන්ට මෙම දරුවා ලැබුණු පසු ඇයගේ සැමියා අදාළ කාන්තාව හා දරුවා අතහැර ගොස් තිබිණි.
අනතුරු සැකකරු සමග දරුවාගේ මව අනියම් සබඳතාවක් ඇතිකර ගෙන ඇති අතර, බීමතින් පැමිණ ඇති සැකකරු අවස්ථා රැසකදී අදාළ දරුවා දුම්වැටියකින් පුළුස්සා ඇතැයි අනාවරණය වී තිබේ.
දරුවාගේ පිළිස්සුම් තුවාල දැක ඇයගේ මිත්තණිය විසින් සියඹලාණ්ඩුව පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව පොලීසිය විසින් අදාළ දරුවා සියඹළාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇත.
අදාළ දරුවාගේ ශරීරයේ විවිධ ස්ථානවල පිළිස්සුම් තුවාල සියයකට අධික ප්රමාණයක් තිබෙන බව රෝහල් ප්රකාශකයෙක් පැවසීය.
මෙම සිද්ධියට අදාළව අදාළ දරුවාගේ මවද සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය අද (28දා) සියඹලාණ්ඩුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් සියඹලාණ්ඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


popular news
-
Champa Friday, 28 December 2018 01:44 PM
මට මේක කියන්වන්නත් අමාරුයි. නමුත් comment එකක් නොලිය බැහැ. මිනිස්සු ඉතාම නිදහසේ දරුවන්ට කෘර වද හිංසා දෙන්න පටන් අරන් තියෙනව. පලවෙනි හේතුව තමයි නීතියේ තියෙන ලිහිල් බව. කිසි දාක අහපු නැති තරම් දරුණු වද හිංසා කුඩා දරුවන්ට දෙනවා. අහස පොලොව නොඋහුලන අපරාධ දරුවන්ට කරනවා. කාලෙක ඉඳන් කියනව . මේවගේ අපරාධ කරන නොමිනිසුන්ට දෙන දඬුවම් වැඩි කරන්න ඕනේ. අවම දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් වෙන්න ඕනේ. අනික දරුවන්ට වද හිංසා කිරීම ඇප නොදිය හැකි වරදක් කරන්න ඕනේ. අධිකරණයේ නඩු ඇසීමේ වේගය ගොලුබෙල්ලෙකටත් වඩා හිමින් සිද්ධ වෙන නිසා සහ ලොකු නීතිඥයෙක් අල්ල ගත්තහම නීතියේ හිදැස් වලින් රිංගා යන්න පුළුවන් කියලා අපරාධකාරයන්ට විශ්වාසයක් තියෙන හින්ද මිනිස්සුනට අපරාධ කරන්න තියෙන බය සැක නැති වෙලා ගිහින් තියෙනව. සමහර මිනිස්සු ඉතාම දරුණු සිත් ඇතිවුන් බවට පත් වේගෙන යන හින්ද ලංකාවේ බොහෝ නීති වෙනස් කරන්න ඕනේ. හිර ගෙවලුත් අද දඬුවම් විඳින තැන් නෙමෙයි නිවාඩු නිකේතන බවට පත් වෙලා. මේවා වෙනස් වෙන්න ඕනේ.
Reply : 0 0
Champa Friday, 28 December 2018 01:49 PM
දැන් තමයි මේකේ කතාව කියව්වේ. ඉස්සෙල්ල කියව්වේ title එක විතරයි. හනේ දෙයියනේ. මිනිහෙක්ට පුලුවන්ද මේ තරම් දරුණු වද හිංසා පොඩි දරුවෙක්ට දෙන්න? මේක කරපු මිනිහ විතරක් නෙමෙයි ඒ මිනිහට මෙහෙම අපරාධයක් කරන්න මාස දෙකක් තිස්සේ ඉඩ දීපු මේ දරුවාගේ අම්මවත් හිරේ දාන්න ඕනේ. අර ආච්චිට රජයෙන් ආධාරයක් දෙන්න ඕනේ දරුවාව බලා ගන්න.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

