කුඩා තේ වතු හිමියන් සවිබල ගැන්වීම යටතේ නැවත වගාවට අමතරව පැළ සිටුවීම සඳහා මුදල් ලබාදීමට කටයුතු කරන බව වැවලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම වැඩපිළිවෙළ යටතේ පැළ සිටුවීමට තේ පැළ ලබාගැනීම සඳහා රුපියල් දසදහස බැගින් ලබාදීම අද (29දා) දින සිට ආරම්භ කරන බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඒ අනුව තවලන්තැන්න ප්‍ර‘දේශයේ ගොවීන් දහසකට අදාළ මුදල් ලබාදීම අද දිනයේදී සිදු කරන බවත්, ඒ සඳහා රුපියල් කෝටියක මුදල් වෙන්කර තිබෙන බවත් වැවලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
පැළ සිටුවීමේ වැඩපිළිවෙළ යටතේ වසරකට රුපියල් බිලියනය බැගින් වියදම් කිරීමට සැලසුම් කර ඇත.
