කිසිම ආණ්ඩුවකට ස්වාභාවධර්මයේ අභියෝග ජය ගන්න බෑ - මෛත්‍රී
කිසිම ආණ්ඩුවකට ස්වාභාවධර්මයේ අභියෝගවලින් වැළකී ඉදිරියට ගමන් කළ නොහැකි බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ඊයේ (01දා) මැදිරිගිරියේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව පැවැසීය.
“අද මුලු ලෝකයම බියට පත් වෙලා. කොරෝනා වෛරසය නිසා. නමුත් ලංකාවේ එහෙම බියයුතු තත්ත්වයක් නෑ. පහුගිය පාස්කු ප්‍රහාරයෙන් ලංකාවේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් ම කඩා වැටුණා. දැන් මේ කොරෝනා නිසා මොකද වෙලා තියෙන්නේ. සංචාරකයෝ එන එක නැවතුණා. හෝටල්වල කවුරුත් නෑ. විදේශිකයෝ එන්නේ නෑ.මේවා කෙනෙක් හදන දේවල් නෙමෙයි.එකපාරටම එල්ලවල අභියෝග.
මම ඒකයි කියන්නේ කිසිම ආණ්ඩුවකට ස්වභාව ධර්මයාගේ අභියෝගවලින් වැළකිලා ඉස්සරහට යන්න බෑ.මේ දිස්ත්‍රික්කයේ පහුගිය අවුරුදු 30 ඇතුළත ඔබේ ගම්මාන ඇතුළුව රැකියා 30 000ක් මම දීලා තියෙනවා.සෞඛ්‍ය අමාත්‍යංශයේ විතරක් 8000ක් පොලොන්නරුවෙන් රස්සාවල් දීලා තියෙනවා.සෞඛ්‍ය ඇමති කාළේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය මහත්මයාට සහය දෙන්න තීරණය කළා. අපි අත්සන් කළ ගිවිසුම්වලම තියෙනවා මහ මැතිවරණයත් අපි සියලු දෙනා එකතු වෙලා කරලා එකට ආණ්ඩු කරනවා කියලා. එකට ආණ්ඩු කරන්න ප්‍රතිපත්ති හා සැලසුම් හැදුවා. ඒ අනුව දැන් මාර්තු මාසේ 3 දා විතර පාර්ලිමේන්තුව විසුරුවනවා.
අප්‍රේල් මාසේ අග මහා මැතිවරණය තියෙයි .අපි සියලු දෙනා එකට එකතු වෙලා මහා මැතිවරණය කරන්නේ. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුව ශක්තිමත් කරන්න.
ලක්ෂ 69 කට වැඩිය ඡන්දය පාවිච්චි කරලා එතුමාව බලයට ගේන්න ක්‍රියාකරපු ජනතා අපේක්ෂාවන් ඉටු කරන්න නම් ශක්තිමත් ආණ්ඩුවක් හදන්න එතුමාට සහය දෙන්න ඕන. ඒ නිසා හොඳ රටක් හදන්න හොඳ ගමනක් යන්න අපි සියලු දෙනා එකට එකතු වෙමු.”

-
Champa Sunday, 02 February 2020 09:24 PM
මොන බොරුද? හොඳ මිනිසුන්ට ස්වභාව ධර්මයත් ආශීර්වාද කරනවා. ලංකාව කියන්නේ සාම අවුරුදු 5000කටම වරක් බුදුවරයෙක් බුද්ධත්වයට පත්වෙන ලෝකේ එකම පින්බිම. පොත පතේ සඳහන් වෙන ආකාරයට බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේ විශ්වයේ සියලු ශක්තීන් අහසේ එක තැනකට එකතු වෙනවා. ඒ මහා දුර්ලභ සංසිද්ධිය සිද්ධ වෙන්නේ ලංකාවට ඉහල අහසේ. ඒකට හේතුව ලංකාව පිහිටලා තියෙන්නේ ලෝකයේ හරි මැද නිසා. ඒ අවස්ථාවේ අහසේ හරි මැදයි පොළොවේ හරි මැදයි එක රේඛාවකට එනවා. ඒකයි බුදුවරු ඉන්දියාවේ ඉපදුනාට නිර්මල බුදු දහම පවතින එකම රට ලංකාව වෙන්නේ. එවන් බලයක් තියෙන රටක දහම් ගුණෙන් සපිරි අවංක රාජ්‍ය නායකයෙක් රට පාලනය කළා නම් ස්වභාව ධර්මයත් ආශිර්වාද කරනවා. තමන්ගේ පක්ෂ නායකයාගෙන් පිටට පිහියෙන් ඇනල බලයට ඇවිල්ල මිනිස්සු එල්ලලා මරන්න හදපු පාප සිත් ඇති ජනාධිපතිවරුනටයි, සිංහල බෞද්ධයන්ගේ චන්දෙන් බලයට ඇවිල්ල මේ සිංහල බෞද්ධ රට ඇමරිකන්කාරයන්ට පාවා දෙන්න හදන ජනාධිපතිවරුන්ටයි කිසිවෙක් ආශීර්වාද කරන්නේ නැහැ. ඒ පව් ගෙවන්න වෙලා තියෙන්නේ අසරණ ජනතාවට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

