කිලිනොච්චිය ජයන්තිනගර් ප්රදේශයේ පිහිටි නිවසක් තුළදී මව සහ පුතා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කොට තිබියදී අද (30) උදෑසන මළසිරුරු හමුවූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
ජයන්තිනගර් ප්රදේශයේ පදිංචි 74 හැවිරිදි විෂ්ණුකාන්ති වල්ලිඅම්මා සහ ඇයගේ පුතණුවන් වූ 34 හැවිරිදි වී.විග්නේෂ්වරන් නැමති අය බවට හඳුනාගෙන ඇත.
අදාළ පිරිස් නිවසේ සිටින අවස්ථාවේදී ඊයේ රාත්රියේ මෙම ඝාතනය සිදුව ඇති බවටත් කිසියම් පුද්ගලයෙකු නිවසට පැමිණ තියුණු ආයුධයකින් පහරදී මව සහ පුතු ඝාතනය කොට ඇති බවට පොලිස් මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
අදාළ ඝාතනයට හේතුව හො ඝාතනය සිදු කරන ලද අය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඝාතකයින් අත්අඩංගුවට ගැනීම සඳහා කිලිනොච්චි පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් පුළුල් පරික්ෂණයක් අරඹා ඇත.
මියගිය අයගේ මළසිරුරු මේ වන විට කිලිනොච්චිය මහරෝහලට රැගෙන ගොස් පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරීමට නියමිත බවටද පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.
