කිලිනොච්චියේ මව හා පුතා ඝාතනයට අයෙක් අත්අඩංගුවට
කිලිනොච්චිය, ජයන්තිනගර් ප්රදේශයේ නිවසක් තුළදී මවක් හා පුතෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවෙකු සැකපිට ඊයේ (31) සවස අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
පසුගිය ජූලි 30 වැනිදා උදැසන කිලිනොච්චිය, ජයන්තිනගර් ප්රදේශයේ පදිංචි විෂ්ණුගාන්ධි වල්ලිඅම්මා නමැති 70 හැවිරිදි කාන්තාවකගේ හා විෂ්ණුගාන්ධි විග්නේශ්වරන් නමැති 34 හැවිරිදි පුතෙකුගේ මළ සිරුරු පොලීසිය විසින් සොයා ගත් අතර තියුණු ආයුධයකින් කැපීම් හා පහරදී සිදු කළ ඝාතනයක් බවට පොලිස් පරික්ෂණ වලදී හෙළි විය.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවු පොලිස් නිලධාරීන් ඝාතනයට ලක්වූවන් ජිවත්වු නිවස අසළ නිවසේ සිටි පුද්ගලයෙකු එලෙස සැකපිට ඊයේ දින අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ ප්රශ්න කිරිම් මත ප්රදේශයේ ළිඳක් තුළ තිබි ජංගම දුරකථනයක්, ඝාතනයට යොදාගත් බවට සැක කරන යකඩ කම්බියක් සොයාගත් බවද පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

