කිලිනොච්චිය රෝහලේ සේවය කල තරුණියක් බලහත්කාරයෙන් රැගෙන ගිය පිරිසක් අත්අඩංගුවට
කිලිනොච්චිය මහරෝහලේ සේවය කරන ලද මුස්ලිම් ජාතික තරුණියක් බලහත්කාරයෙන් රැගෙන යන බවට යුද හමුදාවට ලැබුනු තොරතුරකට අනුව එම පිරිස ඊයේ (25) දින ඕමන්ත ප්‍රදේශයේදී යුද හමුදා භාරයට ගෙන කිලිනොච්චිය පොලීසිය වෙතට භාරදීමට පියවර ගෙන ඇත.
කිලිනොච්චිය රෝහලේ සිටි පිරිසක් කිලිනොච්චිය යුධහමුදා මූලස්ථානයට තරුණියක් බලහත්කාරයෙන් රැගෙන යන බවට දැනුම් දීමෙන් පසුව කිලිනොච්චිය යුධ හමුදාව විසින් වවුනියාව යුද හමුදා මූලස්ථානයට දැනුම් දී අනතුරුව ඕමන්ත යුධ හමුදා කඳවුරට දන්වා තරුණිය රැගෙන ගිය වෑන් රථය ඕමන්ත පාසල ආසන්නයේදී යුධ හමුදාව විසින් නවතා වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ඕමන්ත පොලීසියට භාර දී ඇති අතර පසුව එහි පරික්ෂණ කටයුතු කිලිනොච්චිය පොලීසිය විසින් සිදු කර ඇත.
පොලිස් පරික්ෂණ වලදී තරුණිය රැගෙන ගොස් ඇත්තේ තරුණියගේම මව හා ඥාතීන් 09 දෙනෙකුගෙන් යුතු පිරිසක් බවට අනාවරණය වීමෙන් පසුව අදාල පිරිසේ අනන්‍යතාවය තහවුරු කොට අවශ්‍ය නීතිමය ක්‍රියාමාරග් සිදු කොට මුදා හැරීමට පියවර ගත් බවට කිලිනොච්චිය පොලීසිය පැවසීය.

popular news
-
rocky Wednesday, 26 February 2020 07:13 PM
ඒ පිරිස කවුරු වුනත් කෙනෙකුව බලහත්කාරයෙන් අරන් යන්න බැහැනේ. රාජකාරි වෙලාව තුල සිදු වුනා නම් මෙය රාජකාරියට බාධා කිරීම. දඬුවම් ලැබිය යුතු වරදක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
