කිලිනොච්චිය මහවිරු දිනයට සූදානම් වෙයි
යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවන් ජිවිතක්ෂයට පත්වු සාමාජිකයින් සැමරීමේ මහවිරු දිනය සැමරීම වෙනුවෙන් කිලිනොච්චිය, කනගපුරම් ප්‍රදේශයේ පවතින මහවිරු සොහොන මේ දිනයන්හි පිරිසිදු කිරීම් සිදු වෙයි.
මහවිරු සැමරුම් වැඩසටහන් නොවැම්බර් මාසය කේන්ද්‍ර කරගනිමින් පවත්වන අතර, මෙවර දෙමළ ජාතික සන්ධානය පවත්වන මහවිරු සැමරුම් වැඩසටහන කිලිනොච්චිය කනගපුරම් මහවිරු සොහොන ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව ඇත.
සොහොන පිරිසිදු කිරීමේ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන උතුරු පළාත් සභා හිටපු අමාත්‍ය ටි.කුරුකුලරාජා මහතා, උතුරු පළාත් සභා මන්ත්‍රී එස්.පසුපතිපිල්ලේ මහතා,කිලිනොච්චිය පච්චිලිපලෙයි ප්‍රාදේශීය සභා සභාපති එස්.සුරෙන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

popular news
-
Champa Monday, 01 October 2018 04:13 PM
ලේ පිපාසිත ත්‍රස්තවාදියෙක්ගේ උපන් දිනය ඒ ම්ලේච්ඡයා අවුරුදු 34ක් තිස්සේ ලේ හලපු රටේම මහා ඉහලින් සමරන්න ඉඩ දෙන ලෝකේ එකම රට!! මේවා නවත්තන්න උතුරේ හමුදාව ඉදිරිපත් වෙන්නේ නැත්තේ කොස්සන්ගෙන් ඕඩර් එකක් එනකම් ඉන්න නිසාලු! නීතිය සහ සාමය රැකීමයි රටේ ජාතික ආරක්ෂාවයි කියන්නේ දෙකක් නෙමෙයි එකක් කියල මෝඩ ආණ්ඩුව හිතන හින්ද රටේ ජාතික ආරක්ෂාව පිලිබඳ තීරණ ගන්නේ ඒ ගැන මෙලෝ හසරක් නොදන්නා කොස්සො කැමති නම් විතරලු. ප්රභාකරන්ගේ LTTE වගේම අනිකුත් බොහෝ ලොකු කුඩා ත්‍රස්තවාදී සංවිධාන, හැම එකක්ම මුලින් පටන් ගත්තේ ඔය ආවා කල්ලිය වගේ රටේ නීතිය කඩලා. හැබැයි ඒවාත් මුලින් කලේ බැංකු කඩන වගේ වැඩ. පස්සේ තමයි ජනතාව බියගන්වමින් ටික ටික වර්ධනය වෙන්න පටන් ගත්තේ. එහෙම ත්‍රස්තවාදී කණ්ඩායම්, LTTE ද ඇතුළුව 61ක් තිබිල තියෙනව. ඒ හින්දා ආව කල්ලිය ගැන bedtime stories කියන්නේ උතුරේ ත්‍රස්තවාදී සංවිධාන බිහිවීමේ ඉතිහාසය අමතක වෙලා නිසා. LTTE එක ආපහු එයි කියලා බලා ඉන්න කොට, ඒ වෙනුවට වෙන කණ්ඩාමක් හැදෙන්න හෝ දැනටම හැදීගෙන එන්න වඩා ඉඩ තියෙනවා. ඒකට පසුබිම හදන්නේ මේ වගේ කුඩා කල්ලි මුලින්ම.ජනතාව බය කරගෙන. ඒ හින්ද වැඩෙන්න නොදී උදුරලා දාන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

