කිරිපිටි පරීක්ෂා කිරීම රජයේ ආයතන ප්රතික්ෂේප කිරීමෙන් ගැටලු
කිරිපිටිවල අන්තර්ගතය පිළිබඳ පරීක්ෂා කිරීමට දැනට රජය යටතේ තිබෙන පරීක්ෂණ ආයතන ප්රතික්ෂේප කර තිබෙන බැවින් රජය ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතුව ඇතැයි සමස්ත ලංකා පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
කිරිපිටි ඇතුළු ආහාර සම්බන්ධ පරීක්ෂණ කටයුතු කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියට සම්පත් නොමැති බවත්, මේ නිසා අධිකාරිය තුළ පරීක්ෂණාගාරයක් ඇති කළ යුතු බවත් එම සංගමයේ ලේකම් ලංකා දික්කුඹුර මහතා සඳහන් කළේය.
ආහාර සම්බන්ධයෙන් අධිකාරියට ලැබෙන පැමිණිලිවලට අනුව අදාළ සාම්පල් රජයේ පරීක්ෂණාගාර වෙත යොමු කර අදාළ නීතිමය පියවර ගැනීම සිදුකරන බවත්, එහෙත් කිරිපිටි සම්බන්ධ ගැටලුවත් සමග කිරිපිටි සාම්පල් පරීක්ෂා කිරීමට නොහැකි බවට අදාළ ආයතන දන්වා තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
මේ නිසා මෙම තත්ත්වය පිළිබඳ රජය අවධානය යොමු කර අදාළ කටයුතු සිදුකළ යුතු බවත්, ඒ සඳහා තම සංගමයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවත් ලේකම්වරයා සඳහන් කළේය.

popular news
-
rocky Monday, 18 February 2019 02:41 PM
ඔය තියෙන්නේ වැඩ! පරීක්ෂනාගාරයක් වහාම ඉදි කරමු. ටෙන්ඩර් කරන්න ගියොත් පරක්කු වෙනවා. වැඩේ තදියන්! ගහන්න පුළුවනි මාර කොමිස් පාරක්! ජයවේවා!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

