කිරින්ද ඛනිජ වැලි නිධියෙහි කැණීම් රජයේ මැදිහත්වීමෙන්
කිරින්ද ඛනිජ වැලි නිධියෙහි කැණීම් කටයුතු රාජ්‍ය සමාගමක් වන ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම මගින් සිදුකර එම ජාතික සම්පතෙහි ප්රතිලාභ 'සෞභාග්‍යයේ දැක්ම' අනුව යමින් ජාතියට දායාද කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
ඊයේ (27) හම්බන්තොට කිරින්ද වෙරළ තීරයේ පිහිටි එම ඛනිජ වැලි නිධිය අවට ප්‍රදේශවාසීන් සමඟ පැවති සාකච්ඡාවක දී ඒ මහතා මෙසේ පැවසීය.
අමාත්‍යංශයන්හි විෂය පථයන් වෙන් කර දෙමින් ජනාධිපතිතුමන් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය අනුව කර්මාන්ත කැබිනට් අමාත්‍යවරයාට ලබාදී ඇති සුවිශේෂී ප්‍රමුඛතා අතර මෙරට පවතින ඛනිජ සම්පත් සංවර්ධනය මෙන්ම නව ඛනිජ සම්පත් ගවේෂණය කරමින් ඒවායේ ඒවායින් දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නැංවීම ද වන අතර ඒ අනුව යමින් කිරින්ද ඛනිජ වැලි නිධිය ද ලංකා ඛනිජ වැලි සමාගම යටතේ ජාතියට තවත් ධන උල්පතක් ලෙස උරුමකර දීම තම අරමුණ බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙහිදී ප්‍රදේශවාසීන් පිරිසක් පෙන්වා දුන්නේ ඉන්දීය සමාගමක් මෙම ඛනිජ වැලි නිධියෙහි කැණීම් කටයුතු සිදු කර ප්‍රදේශවාසීන්ට ප්රතිලාභ ලබාදීමට සූදානම් බව ය. එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ ජාතික සම්පත් විදේශ සමාගම්වලට විකිණීම හෝ පවරා දීම තම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවන බව ය. පරිසරයද සුරකිමින් ජනතාවට උපරිම ප්රතිලාභ ලැබෙන පරිදි රාජ්‍ය සමාගමක විශ්වාසය යටතේ කිරින්ද ඛනිජ වැලි නිධියෙහි කැණීම් කටයුතුවලට සහාය ලබාදෙන ලෙස අමාත්‍යවරයා එම පිරිසගෙන් ඉල්ලා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

