කිංස්බරි බෝම්බකරුගේ හිස වළලන්න අධිකරණයෙන් නියෝගයක්
කොළඹ කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හළ ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ සාමාජික බෝම්බකරුගේ හිස භාරගැනීම ඔහුගේ පවුලේ ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කිරිම නිසා එම හිස බොරැල්ල කනත්තේ වළ දැමීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) නියම කළේය.
ජාතික තවුහිද් ජමාද් සංවිධානය විසින් පසුගිය අප්‍රේල් මස 21 වෙනි දා එල්ල කළ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවේදී කොළඹ කිංස්බරි හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් ජිවිතක්ෂයට පත්වූ තවුහිද් ජමාත් සංවිධානයේ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නම් ත්‍රස්තවාදියාගේ හිස සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු අවසන් බව රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ඔහුගේ හිස භාරගැනීම ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කොට ඇතැයි දැනුම් දුන් රහස් පොලීසිය අදාළ හිස සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳ නියෝගයක් දෙන්නැයි ඉල්ලා සිටියේය.
කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ නියෝගය කළ මහෙස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල ලබන මස 02 වැනිදා යළි කැඳවිමටද නියම කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

