දිස්ත්‍රික්ක අනුව නොව ප්‍රතිපත්ති පදනම්ව ඇමැතිකම් බෙදිය යුතු බවද සෞභාග්‍යයේ ඉදිරි දැක්ම ක්‍රියාත්මක කළ හැකි හා ඒ සඳහා ප්‍රතිපත්ති සෑදිය හැකි අය කැබිනට් ඇමතිවරු ලෙස පත්කළ යුතු බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද (8දා) තංගල්ල ප්‍රදේශයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
“කැබිනට් මණ්ඩලය පත්කිරීමත් සමඟ මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද චින්තනයේ ඉදිරි දිගුවක් විදියට අපි ගත්තු දස වැදෑරුම් ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා.
මැතිවරණයේදී අපි වෙනුවෙන් පෙනී සිටි අයට මම පෙනී ඉන්නවා. අපි එක්ක 53 දෙනකු හිටියා. ඉන් නිරෝෂණ සහ උදය මන්ත්‍රීතුමන් පරාජය වුණා. ඉතිරි අය වෙනුවෙන් මම පෙනී සිටින්න ඕනෑ. ඒ අයගේ වගකීම ඉෂ්ඨ කළාට පසුව පක්ෂ නායකයන් සමඟ මම ගැන සාකච්ඡා කරන්න පුළුවන්.
දිස්ත්‍රික්ක අනුව නොව ප්‍රතිපත්ති පදනම් කරගෙන ඇමැතිකම් බෙදෙන්න ඕනෑ. සෞභාග්‍යයේ ඉදිරි දැක්ම ක්‍රියාත්මක කරන්න පුළුවන්, ඒ සඳහා ප්‍රතිපත්ති හදන්න පුළුවන් අය කැබිනට් ඇමතිවරු විදියට පත් වෙන්න ඕනෑ.
රාජ්‍ය ඇමතිවරු විදියට ඒවා බිම් මට්ටමෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් අය පත් කරන්න ඕනෑ. ඉදිරියේදී පත් වෙන කැබිනට් ඇමතිවරුන්ගේත් අනවශ්‍ය වියදම් කපාහරිනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන වරප්‍රසාද ඉදිරි කාලයේදී ලබා නොදෙන්න ආණ්ඩුව තීන්දු කර තිබෙනවා. රටේ ආර්ථික අර්බුදයක් නොතිබුණත් මෙය කළ යුතු දෙයක් යැයි මම විශ්වාස කරනවා.”