කැනේඩියානු තානාපති හිටපු කොටි සාමාජිකයින්ගේ පක්ෂ නායකයා හමු වෙයි
කැනේඩියානු තානාපති ඩේවිඩ් මැකෙන් ඇතුළු නියෝජිත පිරිසක් සටන්කාමීන්ගේ විමුක්තිකාමීන්ගේ පක්ෂ නායක කේ.තුලසි ඇතුළු පිරිසක් මුලතිව්හිදී හමු වී සාකච්ඡාවක නිරත වූහ.
මලුතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි සටන්කාමී විමුක්තිකාමීන්ගේ පක්ෂ කාර්යාලයේදී මෙම හමුව ඊයේ දින සිදුව ඇති අතර මෙම සාකච්ඡාවට එම පක්ෂ නායක කේ. තුලසි ඇතුළු පිරිසක් සහභාගී වී ඇති අතර වත්මන් දේශපාලනික වාතාවරනය මෙන්ම දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදි.
මෙම සාක්ඡාවේදී කැනේඩියානු තානාපති ඩේවිඩ් මැකේන් ඇතුළු පිරිසට උතුරු නැගෙනහිර වැන්ඳඹු කාන්තාවන්ගේ ගැටලු සම්බන්ධයෙන්ද නැවත පදිංචි වූ වැසියන්ගේ ගැටලු හා ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ ගැටලු මෙන්ම අතුරුදහන් වූ වැසියන්ගේ ගැටලු පිළිබඳව හා දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කොට විසඳුම් ලබා දීමට මැදිහත් වන ලෙසට ඉල්ලූ බවට විමුක්තිකාමී සටන්කාමීන්ගේ පක්ෂ නායක කේ.තුලසිගෙන් විමසීමේදී පවසා තිබේ.
එහිදී කැනේඩියානු තානාපති ඩේවිඩ් මැකේන් විසින් තමන් විසින් ඉදිරිපත් කරන ලද ගැටලු වලට රජයේ වගකිව යුත්තන් සමග සාකච්ඡා කොට විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වූ බවටද කේ තුලසි කියා සිටියේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
