කාසල්රි හා මාවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව තවදුරටත් පහළට
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට නිසි කලට වැසි නොලැබිම සහ තවදුරටත් පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව අද (09) වන විට තවදුරටත් පහළ බැස ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.
මවුස්සාකැලේ ජලාශයේ සම්පුර්ණ ජල ධාරිතාව අක්කර අඩි අනු තුන්දහසක් වන අතර එම ජල ධාරිතාවන මේ වනවිට අක්කර අඩි 39.5 දක්වා (26.7%) පහළ බැස ඇති බවත්, කාසල්රි ජලාශයේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි 19,100 බවත්, එය මේ වනවිට අක්කර අඩි 114 (26.6) දක්වා පහළ බැස ඇති බවත් විදුලි බල මණ්ඩලය පවසයි.
එම ජලාශ දෙකේම ජල ධාරිතාව පහළ බැස ඇති නිසා ජලාශවලට දුපත් රැසක් සහ ජලාශ ඉදි කිරිමේදි යට වු නටඹුන් රැසක් මේ වනවිට එම ජලාශවල රොන් මඩ තට්ටුව තුළ මල් වර්ගද පිපි තිබේ.
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල දැනට තිබෙන ජල ධාරිතාව විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය ,කැනියොන් යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනයට ජලය නිකුත් කර ඉදිරියේදි තවදුරටත් වියළි කාලගුණ තත්ත්වය පැවති හොත් එම ජලාශ දෙකේ ඉතිරිවන ජල ධාරිතාව පානිය ජලය සදහා තැන්පත් කර ගත යුතු බවද විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙකු පැවසිය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

