කාර්යක්ෂම දුම්රිය සේවාවක් ස්ථාපනයට ජනපති අවධානය
දුම්රිය සේවාවේ අඩු පාඩු හඳුනාගනිමින් කාර්යක්ෂම සහ මහජනතාවට සමීප සේවයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.
දුම්රිය ප්‍රමාදය පිටු දැකීම, මැදිරි පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු අවශ්‍යතා සපුරාලමින් සේවාව විධිමත් කිරීමට අවශ්‍ය සැලසුම් සහ තීරණ ගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
දුම්රිය සේවාවේ වර්ධනයට අවශ්‍ය පියවර සාකච්ඡා කිරීමට අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිතුමා විසින් මේ උපදෙස් දෙනු ලැබිණ.
දෛනිකව දුම්රිය සේවාව භාවිත කරන මගී සංඛ්‍යාව තුන්ලක්ෂ අසූ පන්දහසක් පමණ වේ. මේ පිරිසට මෙන්ම තවත් වැඩි සංඛ්‍යාවකට දුම්රිය සේවාව ලබාදීමෙන් මාර්ග තදබදයට ප්‍රමාණවත් විසඳුමක් දිය හැකි බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
දුම්රිය මගීහු බොහෝ අවස්ථාවල තෙරපී ගමන් කරති. මේ තත්ත්වය පිටුදැකීමට ගතයුතු ක්‍රියාමාර්ග පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරිණ.
ගැටලු විසඳීමේ දී සහ නව සැලසුම් ක්‍රියාත්මක කිරිමේ දී වෘත්තිය සමිතිවල දායකත්වය, යෝජනා සහ අදහස් ලබා ගැනීමට ද උපදෙස් දෙනු ලැබීය.
මහජන අවශ්‍යතාව මත දෛනික කාල සටහන් නිර්මාණය කළ යුතුය. දුම්රිය දෙපාර්තමේන්තුවේ වත්මන් ශ්‍රම බලකායේ ශක්‍යතා හඳුනාගනිමින් ඔවුන්ගේ කුසලතා වර්ධනය කර එමඟින් වඩා ඵලදායී සේවාවක් සැපයීම කෙරෙහි ද ජනාධිපතිතුමා නිලධාරින්ගේ අවධානය යොමු කළේය.
යල්පැන ගිය සංඥා පද්ධති දුම්රිය ප්‍රමාදයට හේතු වී තිබේ. දේශීය ඉංජිනේරුවන්ගේ දායකත්වයෙන් ඊට අවශ්‍ය පිළියම් යෙදීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
කාර්යාලීය වේලාවෙන් බැහැර අවස්ථාවලදී භාණ්ඩ ප්‍රවාහන සේවා සඳහා දුම්රිය මාර්ගය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. එය ජාතික ආර්ථිකයට ද ඉතා වැදගත් වනු ඇති බව ජනාධිපතිතුමා කියා සිටියේය.
විදෙස් සංචාරකයන් ඉලක්ක කොට දුම්රිය සේවාව ආකර්ශණීය නවීකරණය කෙරෙහි ද සාකච්ඡා කෙරිණ.
අමාත්‍ය මහින්ද අමරවීර, ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.අටිගල, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න. දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී. ප්‍රනාන්දු යන මහත්වරු සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ .

popular news
-
Kumar Wednesday, 11 March 2020 09:01 PM
චන්දය පසුවෙනකල් නිවේදනය නිකුත් කර කර ඉන්නවාට වඩා වැඩක් කරලා නිවේදනයක් නිකුත් කරන එක නේද හොද. ඔබතුමාගේ කතා වලට ජනතාව රැවටෙනවා කියල සිතනවා ඇති. ඇත්තටම රැවටෙන මෝඩයෝ ඉන්නවද?
Reply : 0 0
Sanjaya Lakruwan Friday, 13 March 2020 04:13 PM
මේ නම්බෙර්ට කතා කරලා බලන්න කොහොමද දුම්රිය දෙපාර්තමෙන්තුවේ කාර්යක්ෂම බව කියල. එතකොට කාර්යක්ෂම බව බලන්න පුළුවන්. එකෙක් ෆොනේ වලට කතා කරන්න නැ. ලෙජ්ජයි... Colombo Fort Railway Station (Reservation Office) - 011-2432908
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

