කාන්තාවන් විදේශගත වීමේදී පවුල් පසුබිම් වාර්තාව ඉවතට
කාන්තාවන් විදේශගත වීමේදී ලබාගත යුතු පවුල් පසුබිම් වාර්තාව ඉවත් කිරීමට කැබිනට් මණඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය
විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කළ ‘සුව දිවියට අරුණැල්ලක්’ වෛද්‍ය කඳවුර සහ ජංගම සේවය ගාල්ල නාගොඩ, ශ්‍රී විජිතාරාමයේදී පැවැති අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය
මේ හරහා නොයෙක් වංචනික මාර්ග ඔස්සේ කාන්තාවන් විදේශගත වීම මගින් කාන්තාවන්ගේ හා පවුල්වල ආරක්ෂාවට බරපතළ හානියක් සිදුව ඇති බැවින් එම වාර්තාව ඉවත් කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
පවුල් පසුබිම් වාර්තාව ඉවත් කර ඒ වෙනුවට විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල්වල දරුවන්ගේ ආරක්ෂාවට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
-
ravi Wednesday, 29 August 2018 10:33 AM
" කාන්තාවන් විදෙෂගතකිරීම " පුද්ගලික ආයතන වලට තහනම් කල යුතුයි .. ! එහෙත් , තවදුරටත් කාන්තාවන් රටපටවනවානම් .. මේ කාන්තාවන්ට අඩුම වශයෙන් අවරුදු "2" ගෘහස්ත කටයුතු සඳහා අද්යාපනයක් ලංකාවේදී ..අනිවාර්යෙන්ම ලබාදිය යුතුයි ... ! ( හුඟක් දුරට අහන්න ලැබෙනේ දෙයක් තමයි .. මේ කාන්තාවන් රටගිහින් ඔහේ බකන්නිලාගෙන ඉන්නවා මෙයාලට පිඟන් හෝදන / රෙදිහොදන යන්ත්ර්යවත් ක්‍රියාකරවීමට පළපුරුද්දක් නැති නිසා ... ඉංග්‍රීසි වචනයක්වත් කතාකරන්න හෝ තේරුම්ගැනීමට බැරිනිසා .. ) ඉතින් මෙවැනි අවස්ථාවන්ට අපේ කාන්තාවන්ට පත්වීමට ඉඩ නොදී .. කොහෙද යන්නේ .. මොනවටද යන්නේ .. මොනවද ඒ .. රටවල්වලදී කරන්න තියෙන්නේ ......කියන වගකීම් ලංකාව තුලදීම පහදා දීම සහ රක්ෂණයක් සහිතව මේ කාන්තාවන් විදේශ ගතකිරීම අනිවාර්යෙන්ම රජයේ වගකීමකි !
Reply : 0 0
Champa Wednesday, 29 August 2018 04:03 PM
මැද පෙරදිග කාන්තා වහල් වෙළඳාම වහාම නවත්තලා පිරිමින්ව විතරක් යවන්න ඕනේ යන ඕනේ රැකියාවකට. පවුල් පසුබිම වාර්තාව අයින් කරන්නේ වහල් ආණ්ඩුවට සීමාවක් නැතුව ගැහැණු මැද පෙරදිග යවන්න පුළුවන් වෙන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

