කාදිනල් හිමිපාණන්ගේ ප්‍රකාශයට මංගලගේ විරෝධය
මානව හිමිකම් පිළිබඳව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පසුගියදා කළ ප්‍රකාශය විවේචනයට ලක්කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ට්විටර් පණිවිඩියක් නිකුත් කර තිබේ.
කතෝලික ආගම පිළිනොගන්නා අය මරා දැමීම හා කුරුස යුද්ධය හේතුවෙන් මානව හිමිකම් අවශ්‍ය වූ වූ බවද ඔහු පෙන්වා දෙයි. එසේම කාදිනල් හිමාපාණන් ප්‍රසිද්ධ වීමට උත්සාහ කරන සෑහ අවස්ථාවකදීම වැරදි ප්‍රකාශ කරන බවත් ඔහු පවසයි.
කාදිනල් හිමිපාණන් පසුගියදා ප්‍රකාශ කළේ ආගමික නැඹුරවක් ඇත්නම් මානව හිමිකම් පිළිබඳව අවශ්‍යතාවක් පැන නොනගින බවයි.

popular news
-
Champa Tuesday, 25 September 2018 04:32 PM
කාඩිනල් පියතුමාගේ ප්‍රකාශයේ කිසිම වැරැද්දක් නැහැ. කොච්චර නරකද උන්වහන්සේ මේවා කියන්නේ ප්‍රසිද්ධ වෙන්න කියල කියන එක. එතකොට මැල්කම් කාඩිනල් පියතුමා දරුවන් සහ තරුණයන් බේරා ගන්න මත්ද්‍රව්‍ය වලට එරෙහි වුනේ මත්පැන් වලට එරෙහි වුනෙත් ප්‍රසිද්ධ වෙන්නද? පියතුමාගේ ජීවිතෙත් අනතුරේ ඇත්තටම ඒ හින්ද. රට අනාගමික කරනවට එරෙහි වුනෙත් ප්‍රසිද්ධ වෙන්නද? කතෝලිකයන්ගේ වගේම බෞද්ධයන්ගේත් ගෞරවාදරය දිනා ගත්, හැම විටම රට වෙනුවෙන් හඬක් නඟන මම දැකපු එකම කාඩිනල් පියතුමා මැල්කම් කාඩිනල් පියතුමාව අපහාසයට ලක් කරපු මංගලගේ කතාව සම්පූරනයෙන් හෙලා දකිනවා. කොන්දක් නැති වහල් ආණ්ඩුවට රිදෙනවා මහනාහිමිවරුන් හරි කාඩිනල් පියතුමා හරි කොන්දක් තියාගෙන කතා කරපු ගමන්. ආගම හරියට අදහනවා නම් මානව හිමිකම් කියල දෙයක් ගැන කතා කරන්න අවශ්‍ය නැහැ තමයි. දැන් අපිට උගන්නන්න එන ක්‍රිස්තියානි රටවල් හරියට ආගම අදහනවද? මානව හිමිකම් කඩ කරන්නේ ඔවුන්. අපේ රටේ ජනතාව ජීවත් වෙන්නේ ආගමානුකූලව. මානව හිමිකම් ආරක්ෂා කිරීම ඒකේ එක කොටසක්. මානව හිමිකම් අවශ්‍ය බටහිරට. ලංකාවට නෙමෙයි. පියතුමා කිව්වේ ඒක. තමන්ගේ රටට ආදරයක් නැති මංගලට ඒ තරම් පුංචි දෙයක්වත් තේරෙන්නේ නැහැ.
Reply : 0 17
කෝලිත Tuesday, 25 September 2018 05:06 PM
විද්දේ පඳුරටය වැදුණේ වලත්ත ඌරෙ කුටය....
Reply : 0 0
Don perera Tuesday, 25 September 2018 07:09 PM
Oba England wela inokata mangala ratakana kora paluwoo
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

