කාදිනල් හිමි සඳහන් කළේ පාස්කු ප්‍රහාර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැනයි
- 24 02 2020
- 17:52
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගිය (18දා) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු හා එහි වාර්තාව සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවන බව සඳහන් කළ බව කොළඹ අඟරදගුරු පදවි මාධ්‍ය සම්බන්ධීකාරක ජූඩි ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් පියතුමා සඳහන් කරන්නේ අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී අගරදගුරු හිමිපාණන් අවධාරය කළ යම් යම් කරුණු සම්බන්ධෆයන් ඇතැම් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වැරදි වෙල වාර්තා කර ඇති බවයි.
පාස්කු ප්‍රහාරය සමබන්ධයෙන් සොයා බැලීමට පත්කළ වත්මන් ජනපති කොමිෂන් සභාව උන්වහන්සේ සෑහීමකට පත්වන බව එම මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කළ බවද පියතුමා නිකුත් කළ නිවේචනයේ දැක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
