කාදිනල් හිමි පූර්ණ බලතල සහිත කොමිසමක් ඉල්ලති
ආණ්ඩු පක්ෂයෙන් පමණක් නොව විරුද්ධ පක්ෂයෙන්ද අනෙක් පක්ෂවලින්ද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් ඉටු නොවුණ බව අඟරඳගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කළහ. අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
එසේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ කොමිෂන් සභාවන්හි අපක්ෂපාතී, විනිවිද හා ස්වාධීන බවක් පෙනෙන්නට නොමැති බවත් උන්වහන්සේ පැවැසූහ.
මැතිවරණයක් පැවැත්වීමට පෙර මෙම ව්‍යවසනය පිළිබඳව සැබෑ විමර්ශනයක් කළ යුතු බවත් සියලු බලතල සහිත ස්වාධීන කොමිෂමක් පත්කළ යුතු බවත් උන්වහස්නේ සඳහන් කළහ.
තම ඉල්ලීම් ඉටු නොකර එළැඹෙන ජනපතිවරණයේදී ආණ්ඩු පක්ෂයෙන් හෝ විපක්ෂයෙන් හෝ වෙනත් පක්ෂයකින් ඉදිරිපත්වන අපේක්ෂකයන් මුණ ගැසීමට තමන් සූදානම් නොමැති බවත් කාදිනල් හිමියෝ පැවැසූහ.
ඇතැම් පක්ෂ හා පුද්ගලයන් දේශපාලන පක්ෂ සම්බන්ධකර ලේබල් ඇලවීමට පුවත්පත් හා මාධ්‍ය යොදාගැනීම පිළිකුල් සහගත ලෙස හෙළා දකින බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

popular news
-
Dayan Wednesday, 31 July 2019 01:48 PM
මෙතුමාගේ දෙය්යන්ට කියන්න පුළුවන්නේ.
Reply : 1 0
Gamini Wednesday, 31 July 2019 01:48 PM
ඔබ වහන්සේගේ මතයට ජන සමාජයේ වැඩි පිරිසක් එකඟ වනු ඇත. සත්‍ය ජයගැනීමට සහ විපතට පත්වූවන්ට සාදරනයක් ඉටුවීම සඳහා ඔබ වහන්සේගේ අඩිෂ්ටානය සපල වේවා.මම බොදුනුවෙක් වුවත් මුල සිටම ඔබවහන්සේගේ ක්‍රියාකලාපයට සහ මතයට ගෞවුරව කරමි.
Reply : 0 1
සමන් Wednesday, 31 July 2019 02:12 PM
දැනට මේ ගැන කැක්කුමක් තිබෙන්නේ ඔබ වහන්සේට පමණය්. කුරුමානම වැරදුන උදවිය දැන් ගලේ පහරපු බළලුන් මෙන් එකිනෙකාට චෝදනා කරගන්නවා වින කරන දෙයක් නැත.
Reply : 0 2
කපිල Thursday, 01 August 2019 08:49 AM
මාස තුනකට කලින් සිදුවූ විනාශය ගැන සාධාරණය ඉටු කර ගැනීමට කාදිනල් හිමිපානන් තනිවම සටනකට අවතීර්ණ වී ඇත. අපේ මහා නායක හාමුදුරුවන්ට දැන් එවැනි දෙයක් සිදු උනාදැයි මතකයේත් නැතුව ඇති. ආගමික නායකයින් එකතුවෙලා රජයට බලපෑම් කලයුතු මෙවන් අවස්තාවක කාදිනල් තුමා තනිවම කරන සටනට බොදුනුවකු වන මාගේ උත්තමාචාරය.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

