විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පියාණන් වන ව්‍යාපාරික නිහාල් ප්‍රනාන්දු මහතා අද (7) අභාවප්‍රාප්ත විය.
මරදාන ශාන්ත ජෝශප් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 67 වැනි වියේ පසුවිය.
එතුමාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වත්තල, රෝමාණු කතෝලික සුසාන භූමියේදී හෙට (08) පස්වරු 3.00 ට සිදුකිරීමට නියමිතය.
ඒ මහතාගේ දේහය වත්තල, මීගමුව පාර, නො. 276/4 නිවසේ තැන්පත් කර ඇත.
