ක්‍රිකට් වෝහාරික විගණන නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇමති අණින් නවතියි
මාස 06කට වැඩි කාලයක් ගතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෝහාරික විගණනයේ වාර්තාව පෙරේදා (06දා) ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත ලද බව ඔහු ට්විටර් පණිවුඩයක් යොමු කරමින් පැවසීය.
එමෙන්ම විගණන දෙපාර්තමේන්තුව ලබාදුන් එම වෝහාරික විගණනයේ නිර්දේශ යළිත් සලකා බලා ඊට අවශ්‍ය පියවර ගැනීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබුණි. එම ත්‍රිපුද්ගල කමිටුව ඊයේ (07දා) සවස හෝ අද (08දා) දිනයේදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2016-2018 කාලය තුළ සිදුවූ ගනුදෙනු ඇතුළු කරුණු 21ක් සම්බන්ධයෙන් මෙම වෝහාරික විගණනය ආරම්භ කර තිබුණි.
කෙසේ වෙතත් මාස 06කට වැඩි කාලයක් ලබාගෙන කරුණු සොයා බලා විගණන දෙපාර්තමේන්තුව වෝහාරික විගණනයේ අවසන් වාර්තාවක් නිර්දේශ සමගින් සකසා ක්‍රීඩා අමාත්‍යවරයාට ලබාදීමට පියවර ගත්තේය.
එවැනි පසුබිමක් මධ්‍යයේ පවා එහි නිර්දේශ සලකා බැලීමට යළිත් ත්‍රිපුද්ගල කමිටුවකට ලබාදීමෙන් ක්‍රීඩා අමාත්‍යවරයා එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම හේතුවක් නොමැතිවම ප්‍රමාද කරන බව ක්‍රිකට් ක්ෂේත්රයේ පිරිසක් ඇමැතිවරයාට චෝදනා කරති.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කිරීම තුළ වෝහාරික විගණනයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ඇමැතිවරයා ඕනෑකමින්ම කල් මරන බවයි.
මීට පෙර අවස්ථා ගණනාවකදීම අමාත්‍යවරයා පවසා සිටියේ වෝහාරික විගණනයේ අවසන් වාර්තාව ලැබුණු පසු එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කඩිනමින් පියවර ගන්නා බවයි. එහෙත් අමාත්‍යවරයාගේ මෙම දෙබිඩි පිළිවෙත හේතුවෙන් ක්‍රිකට් ආයතනයේ දූෂණ, වංචා යළිත් යට යනු ඇති බවට එම පිරිස වැඩිදුරටත් අමාත්‍යවරයාට චෝදනා කර සිටිති. ඔවුන් පෙන්වා දෙන්නේ ඇමැතිවරයා වහාම මෙම වෝහාරික විගණනයේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවයි.
Much waited auditor generals forensic audit report reached sports ministry today on Sri Lanka Cricket ! Will appoint a commitee to take necessary action after studying the report ! pic.twitter.com/OH2rpTotDb
— Harin Fernando (@fernandoharin) August 6, 2019
popular news
-
anura Thursday, 08 August 2019 11:24 AM
දුෂණයේ හෙළුව හොඳටම පෙනෙන්නේ ඇමතිගේ මෙම ක්රිය්කලපනයෙන් .!!
Reply : 0 0
gregory de silva Thursday, 08 August 2019 07:07 PM
දුෂණයෙන් තොර ක්‍රීඩාවක් පතන ක්‍රීඩා පාලකයෝ.
Reply : 0 0
gregory de silva Thursday, 08 August 2019 07:14 PM
දුෂණයෙන් තොර ක්‍රීඩාවක් පතන දුෂිතම ක්‍රීඩා පාලකයෝ. වර්ෂ ගණනාවක් තිස්සෙම මෙය සිදුවිය, අදට් එසේමි , හෙටත් එසේමි. මොවුන් මියගිය පසු, ක්‍රීඩා අමන්ශය වට බල්ලන් වී ඉපදෙනු නියති. GREGORI.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

