ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සේවකයන් තිදෙනෙකු නීතිවිරෝධී අයුරින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගාල්ල කම්කරු අධිකරණයේ ගොනු කර ඇති නඩුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සිවුවැනි වරටත් සහභාගි නොවීම හේතුවෙන් ඔවුනට රු. 7500 බැගින් දඩ පැනවීමට ගාල්ල කම්කරු අධිකරණයේ විනිසුරු පියල් රණතුංග මහතා පසුගියදා (26දා) නියෝග කළේය.
මෙලෙස දඩ ගෙවීමට නියම වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, ජාත්‍යන්තර ක්‍රීඩාංගණ කළමනාකරු ගොඩ්ෆ්‍රි දාබරේරා සහ මානව සම්පත් කළමනාකාරවරයාටය.
මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මානව සම්පත් කළමනාකාර ධුරය හිස්ව පවතින අතර, සහකාර මානව සම්පත් ලෙස ඔශිනි සමරවික්‍රම මහත්මිය කටයුතු කරයි.
එමෙන්ම මීළඟ නඩු වාරයට ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහභාගි නොවුණහොත් දැනට මෙහෙයවා ඇති සාක්ෂි මත පදනම්ව මෙම නඩුව අවසන් කරමින් තීන්දුව ලබාදෙන බවද විනිසුරුවරයා එහිදී පවසා තිබේ.
මෙම නඩුව සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉන්දික පෙරේරා මහතා 'අද' පුවත්පතට පවසා සිටියේ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හිතාමතාම නඩුවට සහභාගි වීම පැහැර හරින බව හැඟුණු බැවින් විනිසුරුවරයා මෙම තීන්දුව ලබාදුන් බවයි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ක්‍රීඩාංගණ සම්බන්ධීකාරක මහේෂ් සංජීව, ගිණුම් ලිපිකාරිනී රිෆානා නිසාම්, පරිගණක ක්‍රියාකාරිනී දිස්නා සජීවනී යන අය මෙම නඩුව ගොනු කර තිබුණේ මීට වසර තුනහමාරකට පෙර තමන්ව නීතිවිරෝධී අයුරින් සේවයෙන් ඉවත් කිරීම හේතුවෙනි.
ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සේවා සපයන නීතිඥවරු තිදෙනෙකු මෙම නඩුවට පැමිණ සිටියහ.
