කොරෝනා රෝගින්ට ප්‍රතිකාර ලබාදීම සදහා කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාපිත රෝහල්වල (16) දිනය වනවිට කොරෝනා රෝගින් 358 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවත් ගතවූ පැය 24 තුළ සුවය ලැබූ බවට තහවුරු කර රෝහල්වලින් පිටව ගිය රෝගින් සංඛ්‍යාව 170 ක් බවත් කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගිගනගේ මහතා පවසයි.
මේ අනුව ඉංගිරිය ප්‍රාදේශිය රෝහලේ රෝගින් 40 දෙනෙකු ද පිඹුර ප්‍රාදේශීය රෝහලේ රෝගින් 43 දෙනෙකු ද බණ්ඩාරගම ප්‍රාදේශිය රෝහලේ රෝගින් 23 දෙනෙකු ඉත්තෑපාන රෝහලේ රෝගින් 30 දෙනෙකු පොලිස් අභ්‍යාස විද්‍යාලයේ රෝගින් 90 දෙනෙකු දර්ගා නගරය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගින් 88 දෙනෙකු සහ මතුගම ප්රාදේශියරෝහලේරෝගින් 44 දෙනෙකු මේ වනවිට ප්‍රතිකාර ලබන බව ද ගීගනගේ මහතා පවසයි.
තවද ගතවූ පැය 24 තුළ සුවය ලැබූ බවට තහවුරු කර පිඹුර ප්‍රාදේශිය රෝහලෙන් රෝගින් 11 දෙනෙකු ද ඉංගිරිය ප්‍රාදේශිය රෝහලෙන් 05ක් මතුගම ප්‍රාදේශිය රෝහලෙන් 01ක් බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහලෙන් 07ක් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් 68ක් සහ දර්ගා නගරය ප්‍රතිකාර මධ්යස්ථානයෙන්රෝගින් 78 දෙනෙකු ද පිටව ගොස් ඇති බවද කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගිගනගේ මහතා වැඩිදුරටත් පවසයි.
මංගල එදිරිසිංහ