නිට්ටඹුව කළගෙඩිහේන ප්රදේශයේ වෑන් රථයකට පහරදීමේ සිදුවීමට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනා එළැඹෙන 22දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ. සැකකරුවන් 22දා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.