කසළ රඳවන ව්‍යාපෘතියට අදාළ පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයි - බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය
පුත්තලම, අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රඳවනය ඉදිකිරීමේ ව්‍යාපෘතියට අදාළ අපද්‍රව්‍ය මුදාහැරීම සඳහා කලපු ප්‍රදේශයට කාණුවක් කපා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය අවධාරණය කරයි.
අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ මේ වනවිට පූර්ව සංවර්ධන කටයුතු පමණක් සිදු කෙරෙන එම ස්ථානයේ අදාළ කාණුව කපා ඇත්තේ වර්ෂා තත්ත්වයන්හීදී රැස්වන ජලය බැස යෑම සඳහා බවයි.
කලහකාරීන් පිරිසක් ඊයේ (09දා) එහි ගොස් සංවර්ධන භූමියේ දේපොළවලට හානි කර ඇති බවත්, එහිදී ව්‍යාපෘතියේ අපද්‍රව්‍ය මුදාහැරීම සඳහා කලපු ප්‍රදේශයට කාණුවක් කපා ඇති බවට ඔවුන් ප්‍රකාශ කළ බවට මාධ්‍ය වාර්තා පළ වී ඇති බවත් පෙන්වා දෙන අමාත්‍යාංශය, දේපළ හානි සිදුකරමින් නීතිවිරෝධී ලෙස කලහකාරී අන්දමට හැසිරුණු අදාළ පිරිස සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට විෂය භාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අදාළ ආයතනවලින් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කරයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

