හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවු ඩුබායි රටේ සිට ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමේ යෙදෙන කෙසෙල්වත්තේ දිනුක නමැත්තාගේ ගෝලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජිවීතාන්තය දක්වා වු බරපතළ වැඩ සහිත සිරදඬුවම් අද (17) නියම කළේය.
හෙරොයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්ත්වයකට මුහුණ පා ඇති බවත් ප්‍රසිද්ධ පාපන්දු කණ්ඩායමක් නියෝජනය කළ දක්ෂ පාපන්දු කී‍්‍රඩකයකු වන විත්තිකරු වැන්නවුන් හෙරොයින් ජාවාරමේ යෙදීම හේතූවෙන් සමාජය මහත් ඛේදජනක තත්ත්වයකට මුහුණ පා ඇති බවත් පෙන්වා දෙමින් මෙවන් අපරාධකරුවන්ට දැඩි දඬුවම් නියම කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට ජිවීතාන්තය දක්වා වු බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ ගොල් රකින්නකු වශයෙන් කොළඹ ප්‍රසිද්ධ පාපන්දු කණ්ඩායමක් නියෝජනය කළ දක්ෂ පාපන්දු කී‍්‍රඩකයකු වන කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වන කමල් නිශාන්ත හෙවත් මහත්තයා නමැත්තාටය.
2013 අගොස්තු මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ වෙල්ලවිදීයේදී හෙරොයින් ග්‍රෑම් 4.03ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ කොස්තාපල් නෑහින්න මහතාට ලැබුණු තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත රාජකරුණා, පොලිස් පරීක්ෂක රුවන් කුමාර මහත්වරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී පාගමනින් පැමිණි මෙම විත්තිකරු පරීක්ෂාවට ලක් කොට ඇති බවත් ඒ අවස්ථාවේ විත්තිකරු සන්තකයේ සුක්ෂම අන්දමින් සඟවාගෙන සිටි හෙරොයින් ග්‍රෑම් 31.06ක් තොගය සොයාගෙන ඇති බවත් පැමිණිල්ල මෙහෙයවනු ලැබු ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය නඩු විභාගයේදී හෙළි කළාය.
විත්තිකරු සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් ග්‍රෑම් 31.06ක් පරීක්ෂාවට ලක් කළ රජයේ රස පරීක්ෂවරයා එහි ශූද්ධ හෙරොයින් ග්‍රෑම් 4.03 ක් ඇති බව තහවුරු කොට තිබු අතර මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට ජිවිතාන්තය දක්වා වු බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ ඉමේෂා ධර්මදාස මෙනවිය සමඟ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පෙනී සිටියාය.