කසල තේ තොගයක් ලොරි රථයකින් ප්රවාහනය කරමින් තිබියදි අද (4) අලුයම මාවනැල්ල රඹුක්කන මාර්ගයේ පුද්ගලයින් තිදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය පවසයි.
කසල තේ කිලෝ දහ අට දහස් හත්සිය විසිපහක් එම ලොරි රථයේ තිබි පොලීසිය විසින් සොයා ගෙන ඇත.
අපනයනය සඳහා සූදානම් කර තිබූ කසළ තේ තොගය මෙලෙස පුද්ගලයින් තිදෙනෙකු සමඟ පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙලම්බඩ ලීමගහකොටුව සහ හත්දෙස්ස යන ප්රදේශවල පදිංචිකරුවන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය පවසයි.
