කවුද අප්පා වාහනයක් දුන්නම එපා කියන්නේ
තමන්ට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා 2007 වසරේදී වාහනයක් ලබාදුන් බවත් වාහනයක් ලබාදෙන විට කිසිවෙකුත් ප්‍රතික්ෂේප නොකරන බවත් ජ්‍යෝතීර්වේදී සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් ත්‍යාගයක් ලෙස සුමනදාස අබේගුණවර්ධන මහතාට මෝටර් රථයක් ලබාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි.
“ශ්‍රී ලන්කන් එයාලයින් මම වැඩ කළේ නෑ. 2007 ජූනි මාසයේදී එක දවසක් අතිගරු ජනපතිතුමා (මහින්ද රාජපක්ෂ) මට කථා කරලා අන්න වාහනයක් තිබෙනවා අරන් යන්න කියලා.
එහෙම කිව්වට පස්සේ ඒ වැඩවලට සම්බන්ධ වෙන්නේ එතුමාගේ ආරක්ෂක නිලධාරියා නෙවිල් වන්නිආරච්චි මහත්තයා. එතුමාගෙන් මම ඇහුවා කොහෙද මේක තියෙන්නේ කියලා. එතුමා කිව්වා රාජගිරියට එන්න කියලා.
ඉතින් මම වාහනය අරන් ගියා. මේ ලොකු වාහනයක් නෙමෙයි. ඒක මේ N16 වාහනයක්. ඒ වෙලාවේ මම ගාව බෙන්ස් කාර්, අවුඩි කාර්, පෝජෝ කාර්, මගේ ගොඩක් වාහන තිබුණා.NSB බැංකුවෙනුත් මට වාහනයක් ලැබිලා තිබුණා.”
Q ශ්‍රී ලන්කන් එකේ වැඩ කරන්නේ නැතිව කොහොමද ඔබතුමාට වාහනයක් ලැබෙන්නේ?
A ඒ ප්‍රශ්ණේ මගෙන් අහලා වැඩක් නෑ. ඒක අහන්න ඕන ජනාධිපතිතුමාගෙන් මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන්. එතුමානේ මට දුන්නේ. කවුද අප්පා වාහනයක් දෙනකොට එපා කියන්නේ. කවුද අප්පා වාහනයක් දෙනකොට නැහැයි කියන්නේ.

popular news
-
lion Sunday, 06 January 2019 04:22 PM
මේ රාජපක්ෂ දුප්පතුන්ගේ මුදල් අත දිග හැර තමන්ගේ හෙන්චියන්ට දුන් akarayai
Reply : 0 4
Champa Sunday, 06 January 2019 04:31 PM
දීල තියෙන උත්තර වලින් පෙන්නුම් කරන්නේ සුමනදාසගේ පහත් මානසිකත්වය. තමන්ගේ ශාස්ත්‍රය අනුන්නට පිහිටක් යහපතක් කරන්න යොදා ගන්නව වෙනුවට, ඒ ශාස්ත්‍රය තත්වය ධනය බලය සහ යාන වාහන උපයන්න පාවිච්චි කරපු පහත් මිනිහෙක්. සුමනදාස ප්‍රසිද්ධ වුනේ හිටපු ජනාධිපතිතුමා හින්ද මිසක් ශාස්ත්‍රය හින්ද නෙමෙයි. එහෙම වෙලා තමන්ව ඉහලින්ම විශ්වාශ කරලා තමන්ගේ සේවය ගත්ත රටක රාජ්‍ය නායකයෙක් හොඳ හිතින් දීපු තෑග්ගක් ගැන ඒක අර ගෙන ඉවර වෙලා මෙහෙම පාච්චල් කරලා කතා කරන එක වැරදියි. තමන්ට ඕනේ තරම් වාහන තිබුන නම්, අවංක මිනිහෙක් නම් සුමනදසට තිබුන හිටපු ජනාධිපතිතුමා දීපු වාහනේ ප්‍රතික්ෂේප කරන්න. ගිය ආණ්ඩුවෙන් වාහන ගත්ත තව ඕනේ තරම් මිනිස්සු හිටිය. විරුද්ධ පක්ෂේත් හිටිය. රජයේ වාහනයක් සුමනදාසට දීපු එක වැරදියි. නමුත් ලංකා දේශපාලනයේ පහුගිය අවුරුදු 50ක කාලේ සිට මේ දක්වා රජයේ වාහන විවිධ පුද්ගලයන්ට දීපු එකම ජනාධිපති මහින්ද විතරක් නෙමෙයි. රනිල් වගේම මෛත්‍රීත් එයාගේ පවුලේ අයත් නිස්කාරනේ හෙලිකොප්ටර් පාවිච්චි කරලා තියෙනව ඕනේ තරම් පහුගිය අවුරුද 4ට.
Reply : 0 1
ranjith Sunday, 06 January 2019 07:55 PM
ආණ්ඩුවේ වාහන අම්මගේ appage budalayak wage බෙදල තියෙන හැටි මෙයා රටට වෙඩක් ඇති කෙනෙක්ද?
Reply : 0 4
chithrananda Tuesday, 08 January 2019 04:50 AM
මෙිවා අහන්න තරම් අපි පවුකාරයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

