එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ මේ වනවිට එක්සත් ජනපදය තුළ නව කොරෝනා රෝගීන් සහ මරණ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව නොරහසකි.
ආරම්භයේ සිටම වෛරසය සම්බන්ධයෙන් දියාරු ප්රතිපත්තියක හැසිරුණු ට්‍රම්ප්, වරෙක එකක් කියා තවත් වරෙක තවෙකක් කියමින් වගකීම හා වගවීම යන කිසිදු ගුණාංගයකින් තොරව හැසිරුණේ මෝඩ නායකයෙකුගේ ලක්ෂණ මොනවාට පැහැදිලි කරමිනි.
විශේෂයෙන්ම මුඛ ආවරණ සම්බන්ධයෙන් වඩාත් විවේචනාත්මකව අදහස් දැක්වූ ට්‍රම්ප් තමාට වාසිසහගත තත්ත්වයන් තුළදී මුඛ ආවරණය වර්ණනා කිරීමටත්, තමන්ට අවාසිදායක තත්ත්වයන් හිදී මුඛ ආවරණය සමච්චලයට ලක්කිරීමටත් කටයුතු කළ අයෙකි.
මෙවර ජනාධිපතිවරණ සටනේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් මුඛ ආවරණ පලඳින විට, එය නිරන්තරයෙන් සමච්චලයට ලක්කළ ට්‍රම්ප්, අවසන් වරට ජනපතිවරණ විවාදයේදීද ඒ සම්බන්ධයෙන් බයිඩන් වෙත අවඥාවෙන් සිනාසුනේ, ඔහුට සිනාසෙන අය දහසක් පසුපස සිටින බව නොදැනය.
අවසානයේදී දින කිහිපයක් ගතවෙන්නට මත්තෙන් ට්‍රම්ප් මෙන්ම, ජනපති ආර්යා මෙලානියා සහ ඔහුගේ සහචරයන් හා වන්දිභට්ටයන් කිහිප දෙනෙකුම වෛරසයට ගොදුරු වූයේ ට්‍රම්ප් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කොවිඩ්මෝඩයෙකු බව ලෝකය හමුවේ නිරාවරණය කරමිනි.
එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම, එක්සත් ජනපදයේ වෛද්‍ය විශේෂඥයන් පවා මේ වනවිට වසංගතයෙන් ආරක්ෂා වීමට වඩාත් යෝග්‍යතම අවියක් ලෙස සලකන මුඛ ආවරණය මේ මොහොතේ ඔබටත්, ඔබ අවට සිටින අයටත් නව කොරෝනාවෙන් ආරක්ෂා වීමට සහාය වනු ඇත.
එසේම නිතර අත්සේදීම සහ සමාජ දුරස්ථභාවය හැකි සෑම අවස්ථාවකම පැවැත්වීම යන යහපත් සෞඛ්‍ය පුරුදු අත්නොහැරීමට ඔබ වගබලා ගත්තොත්, සමාජය තුළ ඔබ තවදුරටත් කොවිඩ්මෝඩයෙකු නොවන බව සක්සුදක් සේ පැහැදිලිය.