වෛරසයට එරෙහි නැගී සිටමින් ගෝලීය වශයෙන් සිදුකරන වෛරී කතාව අවසන් කිරීම සඳහා සියලු උත්සාහයන් ආරම්භ කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහ ලේකම්වරයා පවසන්නේ මෙම වසංගතය අතරතුර වෛරී සුනාමියක් සහ අන්‍ය ජාතීන් නුරුස්සන ස්වභාවයක් ඇතැම් පාර්ශ්ව විසින් පෙන්නුම් කර ඇති බවයි.
"කොවිඩ් -19 වෛරසය අප කවුරුන්ද හෝ අප ජීවත් වන්නේ කොතැනද හෝ අප විශ්වාස කරන දේ කුමක්ද යන්න ගණන් ගන්නේ නැහැ." ගුටරෙස් පවසයි.
ඒ අනුව තම ප්‍රජාවන් තුළ සමාජ සහජීවනය ගොඩනැගීමට උදව් කරන ලෙස මහ ලේකම්වරයා සියලු රටවල දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටියි.
"ගෝලීය වශයෙන් වෛරී කථාව අවසන් කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා ලෙස මම අද ආයාචනා කොට සිටිනවා." ඔහු පැවසීය.
"මම මාධ්‍යයෙන් වගේම, විශේෂයෙන් සමාජ මාධ්‍ය හසුරුවන සමාගම්වලින් ඉල්ලා සිටින්නේ, මේ පිළිබඳ ලෝකය සෑමවිටම දැනුම්වත් කරන්න. ඒ වගේම ජාතිවාදී, වැරදි මතවාදී සහ වෙනත් හානිකර අන්තර්ගතයන් ඉවත් කරන්න."
"ඒ වගේම මම සෑම තැනකම සිටින සෑම කෙනෙකුගෙන්ම වෛරී මානසිකත්වයට එරෙහිව නැගී සිටින ලෙස ඉල්ලා සිටිනවා." යැයි වැඩිදුරටත් පවසීය.