විද්‍යාව පදනම් කරගත් සෞඛ්‍ය තොරතුරු ප්‍රවර්ධනය කිරීම සහ වැරදි තොරතුරු වලට එරෙහිව සටන් කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලසුම් සකස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයකදී, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ හවුල්කාර සංවිධාන සියලු රටවලින් ඉල්ලා සිටියේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රයිසස් පැවසුවේ, "අපි ජනමාධ්‍ය, තාක්ෂණ සමාගම්, සිවිල් සමාජය, පර්යේෂකයන් සහ සෑම තැනකම සිටින ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෙන කවරදාටත් වඩා දැන් සත්‍යය වැදගත්" යනුවෙනි.
"කොවිඩ් -19 ලොව පුරා ව්‍යාප්ත වූවා සේම කටකතා, අසත්‍යයන් සහ වැරදි තොරතුරුද ව්‍යාප්ත වී තිබෙනවා. ඒවා භයානක විය හැකියි" ටෙඩ්රොස් පැවසීය.
සාවද්‍ය තොරතුරු මත පදනම්ව බොහෝ පුද්ගලයින් තමන්ටම හානි ගෙනදෙන විෂ රසායනික ද්‍රව්‍ය හෝ භයානක ඖෂධ තමන් විසින්ම භාවිතයට ගැනීම සහ ආයතන හා සෞඛ්‍ය පද්ධතිවලට වැඩි අපකීර්තියක් ඇති කිරීමට හේතු වී ඇත්තේ කෙසේදැයි ඔහු පෙන්වා දුන්නේය.
වඩාත් ඵලදායී එන්නත පවා ඒ කෙරෙහි මහජන විශ්වාසයක් නොමැති නම් අසාර්ථක වනු ඇති බවට ටෙඩ්රොස් අනතුරු ඇඟවූයේ මහජනයාට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට නිවැරදි තොරතුරු ලබාදීම එතරම් වැදගත් වන්නේ මන්දැයි පැහැදිලි කරමිනි.