ප්‍රංශයේ මර්සෙයිල් හි පිහිටි සියලුම බාර් සහ අවන්හල් සඳුදා සිට වසා දමන ලෙස ප්‍රංශ රජය නියෝග කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් ප්‍රකාශ කරයි.
කොවිඩ්-19 ආසාදිතයන්ගේ නව වැඩිවීමක් හේතුවෙන් නගරය දැන් උපරිම සෝදිසියෙන් තබා ඇති බව හෙතෙම අවධාරණය කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අනතුරු ඇඟවූයේ කලාපයේ වෛරසය සංසරණය විශේෂ වැඩිවීමක් නිරීක්ෂණය කර ඇති බවයි.
"මෙම සීමාවන් තාවකාලිකයි. පැතිරීම සීමා කිරීම ඉලක්ක වී තිබෙනවා. ඒවා සති දෙකකට වඩා නොපවතින ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා."
සෞඛ්‍ය අමාත්‍යවරයාට අනුව, පැරිස්, ලිලී, බෝඩෝ, ලියොන්, මොන්ට්පෙලියර්, ශාන්ත එටියන්, රෙනස්, රූවන් සහ ග්‍රෙනොබල් යන නගර නවතම අනතුරු ඇඟවීමේ කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, රැස්වීම් සඳහා පුද්ගලයින් 10 දෙනෙකුගේ සීමාවක් ඇතුළුව සඳුදා සිට නව සීමාවන්ට මුහුණ දීමට සිදුවනු ඇත. බාර් සඳහා රාත්‍රී 10.00 සිට ඇඳිරි නීතිය පැනවෙනු ඇත.
"මේ සෞඛ්‍ය හදිසි තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා අපි හැකි සෑම දෙයක්ම කරනවා" වේරන් පැවසීය.