කෝවිඩ් වෛරසය ආසාදනය වී මරණයට පත් වන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් ඇතුළු පාර්ශවයන් කිහිප දෙනෙකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කර සිටියේය.
ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක බහුතර තීන්දුවෙන් එම පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කරනු ලැබුවා.