කොවිඩ්-19 රෝගීන්ට නිරාවරණය වී ඇති නමුත්, රෝග ලක්ෂණ නොමැති පුද්ගලයන් සඳහා වෛරසය තවදුරටත් පැතිරීමේ අවදානම පිළිබඳ එක්සත් ජනපදයේ හදිසි තීරණය සෞඛ්‍ය විශේෂඥයන්ගේ කණස්සල්ලට හේතු වී තිබේ.
එරට රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන දැන් පවසන්නේ කොවිඩ්-19 සහිත පුද්ගලයින් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ, නමුත් රෝග ලක්ෂණ නොමැති අයගේ කොවිඩ්-19 පරීක්ෂා කිරීම අවශ්‍ය නොවන බවය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය මෙතෙක් පැහැදිලි කිරීමක් ලබාදී නොමැත.