එක්සත් ජනපදයේ, නිව්යෝක් නුවර මධ්‍යම හා උසස් පාසල් සඳහා ගුරුවරුන් 2,000 ත් 2500 ත් අතර ප්‍රමාණයක් බඳවාගත යුතුව ඇති බව රජයේ පාසල් නියෝජනය කරන වෘත්තීය සමිතියක් වන එක්සත් ගුරු සම්මේලනය ඇස්තමේන්තු කර තිබේ.
"නිව්යෝක් නගරයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සෑම පන්ති කාමරයක් සඳහාම පෞද්ගලිකව හෝ දුරස්ථව සිටිමින් හෝ සේවය කළ හැකි සුදුසුකම් ලත් ගුරුවරයෙකු ලබා ගැනීමට කටයුතු කරමින් සිටිනවා" යැයි එහි ප්‍රකාශකයෙකු පවසා ඇත.
සමාජ දුරස්ථකරණ මාර්ගෝපදේශ අනුගමනය කිරීම සඳහා සිසුන් 28 දෙනෙකුගෙන් යුත් පන්තියක් 8-10 දෙනෙකුගෙන් යුත් කුඩා කණ්ඩායම් වලට බෙදිය යුතු වීම නිසා මෙම ගුරු හිඟය ඇතිවී තිබේ. ඒ අනුව අතිරේක ගුරුවරුන් බඳවා ගැනීම අවශ්‍ය වීමට ප්‍රධාන හේතුව සමාජ දුරස්ථ අවශ්‍යතා බව ගුරු සම්මේලනය පවසයි.